- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Anura Premakumara
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ”සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා . පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවෙයි. කෙසේවෙතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ.
ඕස්ටේරලියාවේ මෙල්බන් නුවර රික්ටර් මාපාංක 3යි දශම 8ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එම භූ කම්පනය කිලෝමීටර් 3ක් ගැඹුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඊයේ රාත්‍රී 11.41 හට ගත් මෙම භූ කම්පන තත්ත්වය මෙල්බන් නුවර පදිංචි විශාල පිරිසකට දැනී ඇති අතර, භූ කම්පත තත්ත්වය හේතුවෙන් පුද්ගල හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද උදෑසන විවෘත කරනු ලැබුවා. නව පාර්ලිමේන්තුව විවෘත කිරීම සමරමින් ඉන්දීය රුපියල් 75 සමරු කාසියක්ද නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මෙම විවෘත කිරීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් සහභාගි වී නොමැති බව සඳහන්. මෙම උත්සවය සඳහා විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ අතර, පොලිස් ඩ්‍රෝන යානා යොදා ගනිමින්ද ආරක්ෂාවද සපයා තිබුණා. වසර 96 ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙනුවට ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විත බව සඳහන්.
කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධීව පැහැරගෙන යමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ දෙමටගොඩ, වේලුවනාරාම විහාරස්ථානය ඉදිරිපිටදී සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි. විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ විශේෂ අවි හා උපක්ර්ම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්යා පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යයක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදියි. සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රාව්ය. නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ජයවර්ධනපුර කදවුරේ පොලිස් සැරයන්…
සිය මියගිය දරුවාගේ දේහය රැගෙන පලා ගිය පියකු පිලිබඳ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වර්තවනවා. දරුවාට අසනීප තත්වයක් ඇති බව පවසමින් අදාළ පුද්ගලයා සිය ආබාධිත දරුවා රැගෙන නුවර එලිය රෝහලට පැමිණ තිබෙනවා. එහිදී වෛද්‍යවරුන් විසින් එම දරුවා පරික්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇති බව තහවුරු වී තිබීම හේතුවෙන් එම දරුවා මිය ගොස් ඇති බව පියාට දන්වා තිබෙනවා. නමුත් පියා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ මෙවන් අසනීප දරුවාට නිතර ඇති වන බවයි. කෙසේ වෙතත් පසුව ඔහු දරුවාගේ සිරුර රැගෙන රෝහලෙන් පලා ගොස් තිබෙනවා.
කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට දින දෙකක් තිබියදී ඒ සඳහා ගෙනවිත් තිබු ජලනල තොගය ගිනිගැනීමට ලක්වුනා. මෙම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා වීමත් සමග අරණායක පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුවයි අදාළ සිසුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරුනේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එරට අමෙරිකානු තානාපති එරික් ගාර්සෙට්ටි සහ එරට නේපාල තානාපති ශංකර් පී ෂර්මා හමුවී තිබෙනවා. එම රටවල් ද්විත්වය සහ ඉන්දියාව අතර පවතින සබඳතාවයේ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාව, අමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සන්ධානයක් වන කුඅඩ් එකමුතුව පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අමෙරිකානු තානාපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එරට නේපාල තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ගැඹුරු සහ බහුවිධ හවුල්කාරිත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකළේය.
රාජගිරිය පොලිසියේ නිලධාරින් විසින් පහර දි ඝාතනය කලේ යැයි කියන රාජකුමාරිගේ දොමෝදර බල්ලේකැටුව නාවිල වත්තේ පිහිටි නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක වි. රාධාක්‍රිෂ්ණන් මහතා ගොස් මියගිය කාන්තාවගේ පවුලේ සමාජිකයන්ගේ සුවදුක් විමසිමක් සිදු කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මියගිය කාන්තාව පදිංචි නිවසට ගොස් ඇයගේ සැමියා සමග කතාබස් කිරිමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මියගිය කාන්තාවගේ සැමියා සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ විය. එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මියගිය කාන්තාවගේ සැමියා ඉල්ලා සිටියේ අභිරහස් ලෙස මියගිය තම බිරිදගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පොලිස්…
විදේශීය රටකින් මෙරටට ගෙන්වන රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ලද භාණ්ඩ තොගයක් පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගොස් තිබියදී පැහැර ගෙන ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 52 ව්‍යාපාරිකයෙකු ගුවන් මගින් මෙරටට භාණ්ඩ ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට තිබෙනවා. ඔහු භාණ්ඩ ඇනවුම් මත කිලෝ ග්රැම් එකක් මෙරටට ගෙනැවිත් දීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222