- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Anura Premakumara
රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදු වන්නේ දැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඩොලර් ගැටලුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට රජය පියවර ගනු ලැබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. ඔහු මේ බව සදහන් කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි. මේ එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ රංජිත් සියඹලාපිටිය මහතා.
එළඹෙන වසරේ ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ජනාධිපති අපේක්ෂකයෙකු පත් කිරීමේ අර්බුදයක සිටින බවටයි ඒ මහතා කියා සිටියේ.
වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වයඹ පළාතේ ගවයින් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගවයින්ගේ සම ආශ්‍රිතව ඇති වන කුඩා ගැටිති සහ තුවාල හේතුවෙන් ගවයින් දැඩි පීඩාවට පත් වී ඇති බවයි වයඹ පළාතේ පශු වෛද්‍ය නිලධාරින් කියා සිටියේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද් හිදි පැවැත් වෙනවා. එහිදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට තරගය ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. අවසන් මහා තරගය ඊයේ දිනයේදී මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. ඒ අනුව තරග තීරකයන් සහ සංවිධායක මණ්ඩලය අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. අද දිනයේද මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ක්‍රීඩා කිරීමට නොහැකි වන්නේ නම් තරගයේ…
මහියංගණය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදි මහියංගණ චෛත්‍ය සහ වළාකුඵ බැම්ම ප්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැව මධ්‍යයේ ඉදි කෙරුණු අඩි 102 ක් උස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීමේ වැඩසටහනක් ද ඊයේ දින පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඉන් අනතුරුවයි මහියංගණය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණේ. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටි අතර එහිදි ඔහු කියා සිටියේ වචනයට සීමා නොවී බුදු දහම රැක ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස්, කෙරළ ගංජා සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. මෙහිදී අත්අඩංගුවටගත් සැකකාරි සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලිග්‍රෑම්100ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 240 ක් සහ මත්පෙති 900 ක් සොයාගත් බව පොලීසිය සදහන් කළා. අත්අඩංගුවට ගත් සැකකාරිය 67 හැවිරිදිවියේ පසුවන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින ඩෙංගු වැළදුනු දරුවන් 18 දෙනෙකු එම මධ්‍යස්ථානයේදී විභාගයට මුහුණ දෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසනවා. මෙම රෝහල තුළ ඩෙංගු රෝගීන් 96 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බවයි. මේ අතර, බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය යන කාන්තාව ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ මහරගම, නීලම්මහර පිහිටි නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි . බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව පෙරේදා රාත්‍රියේ ඇය මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළ රාජාංගණයේ සද්ධා රතන හිමියන් අද පෙරවරුවේ අත්අඩංගුවට…
මේ වසර තුළ ඩොලර් බිලියන 2 ක විදෙස් ආයෝජන බලාපොරොත්තු වන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඉන් ඩොලර් මිලියන 604 ක් වටිනා ව්‍යාපාර 22 ක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. කෘෂි, ඉදිකිරීම්, කර්මාන්ත ආදී ක්ෂේත්‍රවල ව්‍යාපාර වැඩි වශයෙන් මෙරටට ලැබී තිබෙනවා. ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇති බවයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන දුමායනය ඇතුළු පවිත්‍ර කිරීම් සිදුකරන ලෙසටයි විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ. මීට අමතරව විභාගය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඉන් විභාගයට සිදුවිය හැකි බාධාවන් අවම කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළු අදාළ අංශ සමග විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද ආරක්ෂක කටයුතු සදහා යොදවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222