Author: Anura Premakumara

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ හක්කපටස් 06ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුන්දලම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදිවියේ පසුවන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අද පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

යේමන රජයේ පාලන ප්‍රදේශවල උග්‍ර මන්දපෝෂණය වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ තවමත් මිලියන 17 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවටයි. අරාබිකරයේ පවතින දුප්පත්ම රටවල් අතරින් එකක් වන යේමනයට කුඩා තෙල් සහ ගෑස් සංචිතවලින් ලැබෙන ආදායම පහත වැටීම සහ සිවිල් යුද්ධ හේතුවෙන්ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. ඒ හේතුවෙන් යේමනය විරැකියාව, ආහාර, ජලය සහ වෛද්‍ය පහසුකම් අතින් පහළම තත්වයක පවතිනවා.

තව කියවන්​න

ඇමෙරිකානු රජයේ ණය සීමා වැඩි කර ගැනිමේ ගිවිසුම පිළිබද කොංග්‍රසයේ ඡන්ද විමසීම සදහා කටයුතු සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කතා නායකවරයා සමග පැවති සාකච්ඡාව සාර්ථක බවයි. ඒ අනුව 2025 වසර දක්වා වසර 2 ක් වෙනුවෙන් ඇමෙරිකාවේ ණය සීමාව ඉහළ දමනු ඇති. ණය සීමාව වැඩි නොකළහොත් ඩොලර් ටි්‍රලියන 24 ක අලාභයක් සිදු වනු ඇති බවට ගණන් බලා තිබෙනවා. ජූනි 5 වන දාට පෙර මේ සම්බන්ධ කොංග්‍රස් ඡන්ද විමසීම සදහා අනුමැතිය ලබා ගත යුතු වනවා.

තව කියවන්​න

පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා දරුවන් පන් දහසකට රජය මගින් ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඒ යටතේ රුපියල් ලක්ෂ 9 ක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වනවා. එය ගෙවා දැමීම සදහා වසර දෙකක සහන කාලයක් හිමිවන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

තව කියවන්​න

ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම් ලංකාවේ තිබෙන කිසිදු ඩිපෝවක් පාඩු නොමැතිව පවත්වාගෙන යාමට හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ සදහා නිසි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ එහි සාමාජිකයින් අතර පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත්  තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ දී මානව හිමිකම් කොමිසමේ ඇතැම් තීන්දු ගැනීමේ දී කොමිසමේ සාමාජිකයින්ගෙන් නොවිමසා සභාපතිනියගේ ස්වකැමැත්තට කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට ගැටලු පැන නැගී ඇති බව වාර්තා වනවා . මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අවස්ථා කිහිපයකදී සභාපතිනිය දැනුවත් කිරීමට පියවර ගත්ත ද ඇය මේ පිළිබඳව තැකීමක් නොකරන බවයි එහි සාමාජිකයින් සඳහන් කළේ . සභාපතිනිය විසින් අවස්ථා කිහිපයකදී මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දැනුවත් කළ බව පවසමින් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණ ද ඊට සෙසු සාමාජිකයින්ගේ සම්බන්ධතාවයක් නොතිබුණ බව ඔවුන් සඳහන් කළා. පවතින අර්බුදකාරී…

තව කියවන්​න

ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබෙනවා . ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන් චන්ද්‍රිකාවක් එළිදැක්වීමට නියමිත බවට උතුරු කොරියාව, ජපානයට දැනුම් දීමෙන් පසුවයි . නමුත් ජපානය පවසන්නේ තම භූමියට තර්ජනයක් වියහැකි ඕනෑම දෙයක් විනාශ කිරීමට තමන් පසුබට නොවන බවයි .

තව කියවන්​න

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. විනිමය වෙළදපොලේ අද ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 289 යි ශත 89 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 303 ශත 26 ක් ලෙසටයි. මීට මාස කිහිපයකට පෙර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380 ත් 390 ත් අතර පරාසයට පැවතුනා.

තව කියවන්​න

යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12 වන දාට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එලෙස ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 31,250 ක් බවයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙටි්‍රක් ටොන් 3600 ක ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න