Author: Anura Premakumara

දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලක වරයෙකු වයස අවුරුදු 12 ක බාලවයස්කාර පිරිමි දරුවෙකුට පසුගිය වසරේදී අපයෝජනයක් සිදුකළැයි චෝදනා පිට 29 දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට  ගෙන තිබෙනවා . ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් දඹුල්ල පොලිසියට ලබාදී දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලක වරයා ලෙස කටයුතු කළ දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති වරයාගේ සහෝදරයෙකු මෙසේ පොලිසියට භාරවීමෙන් පසු අත් අඩංගුවට පත්වූ බවයි දඹුල්ල පොලිසිය කියා සිටියේ . ලමා හා කාන්තා කාර්යංශයට දුරකථන ඇමතුමක් මගින් පැමිණිලි ලැබී ඇත්තේ සැකකාර වැඩ පාලකවරයා පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ළමා අපයෝජනය සදහා යොදා ගත් බවටයි. ළමා ආරක්ෂණ අධිකාරියේ දැනුම්දීම පරිදි දඹුල්ල…

තව කියවන්​න

රැය පහන් වන තුරු පැල් රකිමින් සිට හිමිදිරියේ නිවසට එමින් සිටි ගොවි මහතෙකු වන අලි ප්‍රහාරයකට ගොදුරු වී මිය ගොස් ඇති පුවතක් මැදවච්චිය කුඩා හම්මිල්ලෑව ගම්මානයෙන් වාර්තාවනවා . මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චි‍යේ ,පූනෑව කුඩා හල්මිල්ලෑව ප්‍දේශයේ පදිංචි  73 හැවැරිදි තිදරු පියෙක් . අද උදෑසන 5.30 පමන මෙම ගොවි මහතා පැලේ සිට නිවස කරා පැමිණෙන අතරතුරෙදි මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී තිනෙවා. වන අලි ගැටලුව පිළිබද නිසි බලධාරින් දැනුවත් කළද එයට කිසිදු විසදුමක් ලැබි නොමැති බවයි ගම්වාසින් පැවසුවේ . මේ හේතුවෙන් අහිංසක ජනතාවගේ ජීවිත අවධානමක ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ. මීට පෙර යතුරුපැදියක් සඳහා සතියකට ලීටර් 7 ක් සහ ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබා දී තිබුණා. එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව ද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම බස් රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට…

තව කියවන්​න

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා . එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පෙන්වා දුන්නේ, සිල්ලර වෙළෙඳපොළට ආනයනික බිත්තර නිකුත් කරන්නැයි විශාල වශයෙන් මහජන ඉල්ලීම් ලැබෙමින් ඇති බවයි. කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ, ආනයනික බිත්තර, හෝටල් සහ බේකරි ඇතුළු බිත්තර ආශ්‍රිත කර්මාන්ත වෙත පමණක් නිකුත් කරන බවයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට බිත්තර අවශ්‍යතාව පිළිබඳ කරන ලද අධ්‍යනයකින් පසුව එම බිත්තර මෙරටට ගෙන ඒමට තීරණය කර තිබෙනවා . මේ අනුව දෛනිකව බිත්තර මිලියනක් ඉන්දියාවෙන් ආනයනයට අවසර ලබා දුන් බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවා .

තව කියවන්​න

ග්‍රාම නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මේ වසරේ ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීම ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මේ වනවිට 2023 ඡන්ද නාමලේඛන සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ජූනි 16 වනදායි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද නාමලේඛන නිවෙස් වෙත ලැබීම ප්‍රමාද වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්ද නාමලේඛනය නිවෙස් වෙත ලබාදීමට නොහැකි වී ඇත්තේ මැතිවරණ කොමිසමේ ප්‍රමාදයක්…

තව කියවන්​න

ප්‍රධාන පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග, චොකලට්, බිස්කට් ඇතුළු නිෂ්පාදන මෙරටට ව්‍යාජ ලෙස ගෙන්වන බවයි ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් පාරිභෝගික අධිකාරියට පැමිණිළි කර ඇත්තේ. මේ හේතුවෙන් තම සමාගම් මෙන්ම පාර්භෝගික ජනතාව ද අනතුරට ලක්වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

තව කියවන්​න

පොසොන් සතිය හෙටින් ආරම්භ වනවා. එය ලබන මස 6 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය පුද බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කෙසේ වෙතත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් පොසොන් උත්සවයට නිසි අනුග්‍රහයක් නොලැබෙන බවට රජයට චෝදනා කිරීමත් සමඟයි.

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තතුමේන්තුව සෑමවිටම තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ අනුව අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් වේද, එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දීමටයි කටයුතු කළේ. මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපති රනිල්…

තව කියවන්​න

මෙරට විශ්වවිද්‍යාල 6 ක් විදුලි කප්පාදු කිරීමේ අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . වර්තමානයේ අධිකව බදු අය කෙරුනද මෙවැනි කරුණු සදහා මුදල් ලබා නොදීම ප්‍රශ්න සහගත බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා .

තව කියවන්​න

ඉදිරි මාස තුන තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගත ක්‍රමය ඔස්සේම සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . මෙම මාර්ගගත ක්‍රමය හෙවත් ඊ-මෝටරින් ව්‍යාපෘතිය 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල බවයි අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ . කුමන මට්ටමක පුද්ගලයකු මේ සදහා විරුද්ද වුවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුනේදී එම ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා .

තව කියවන්​න