- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
- විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහනාමගෙන් ප්‍රකාශයක්
Author: Anura Premakumara
පොසොන් සතිය අද දිනයේ සිට ආරම්භ වනවා. ඒ, අනුව මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ සිට ලබන 06 වනදා දක්වා රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ. මේ අතර පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා තැබීමට නියමිතයි. එමෙන්ම මස් මාංශ වෙළෙඳසැල් ද මෙම පොසොන් සතිය තුළ වසා තබන ලෙස නියෝග කර ඇති අතර, මෙම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙසට ද ඉල්ලීමක් කරනවා
පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිනපතා අනුරාධපුර සිට මාතර බෙලිඅත්ත දක්වාත්, බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වාත් ධාවනය කෙරෙන දුම්රියට ගමන්වාර දහයට අමතරව විශේෂ දුම්රිය ගමන්වාර දහයක් ජුනි 02 වැනිදා සිට 05 වැනිදා තෙක් ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බව සදහන් . ගාල්ල,කොළඹ කොටුව හා අනුරාධපුර අතර එම විශේෂ දුම්රිය ධාවනය කෙරෙනවා .
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අලුයම 01.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් මෙලෙස අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් තිබුණා. අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 11 දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ උසස් පෙළ පිළිතුරුපත් ඇගයීමේ කටයුතු සාර්ථකව මේ වන විට සිදු කරමින් පවතින බවයි. එසේම ජුනි මස මැදදී විද්‍යා විෂයයන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරන බවද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ පිළිතුරු පත් ඇගයීම් සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දැමීමට භාණ්ඩාගාරයට ඉල්ලීමක් කර ඇති බවයි. ඊට අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඒ සඳහා පියවර ගන්නා බවද ඒ මහතා පවසනවා.
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග දෙක සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. මෙම තරගාවලිය හම්බන්තොටසුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ජූනි 2 වන දා පැවැත්වෙනු ඇති. ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.
වවුනියාවල අලගල්ල ප්රදේශයේ පිහිටි විදුලි ට්රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලි සැර වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩල විදුලි කාර්මිකයින් පැවසූවේ උකුස්සාට විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයාගේ කොටස්ද තිබි හමුවු බවයි. උකුස්සා නාගයා ඩැහැගැනීමෙන් පසුව නාගය ආහාරයට ගැනීම සඳහා ට්රාන්ස්ෆෝමරයේ වැසීමෙන් පසුව කිසියම් හේතුවකට උකුස්සාට විදුලිසැර වැදී ඇති බවද විදුලි කාර්මික නිලධාරීන් පැවසූවා. මියගොස් සිටි උකුස්සා පියාපත් විහිදූ විට අඩි 4 කටත් වඩා විශාල බවත් මෙවැනි විශාල උකුස්සන් අවට පරිසරයෙන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවත් ප්දේශවාසීන් කියා සිටියා.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය 3 ක ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණයකින් අඩංගු වන බවට වාර්තා වී තිබෙනවා. කරවල, හාල්මැස්සන් සහ ඇතැම් ආනයනික පළතුරු තොගවල බැර ලෝහයක් වන ඊයම් විශාල වශයෙන් අඩංගු බවට අනාවරණය වී ඇති බව සදහන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සිදු කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදියි මේ බව අනාවරණය වී ඇත්තේ. ඒ අනුව ජූනි පළමු වන දා සිට අදාළ ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කර තිබෙනවා.
අධික උෂ්ණත්වයත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියේ ද වැඩිවීමක් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 38 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. එම ඩෙංගු රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි ඔහු පැවසුවේ.
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සදහා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 2024 මාර්තු මාසය දක්වා මෙම ණය පහසුකම භාවිතා කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හිමි වෙනවා. සංශෝධන ගිවිසුම අද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරින් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඉදිරිපිටදී අත්සන් තැබුණා. පසුගිය වසරේ සිට මෙම ණය පහසුකම ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ඉන්ධන, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සහ කාර්මික අමුද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සදහා භාවිතා කිරීමට නියමිතයි.
ලියාපදිංචි නොකළ යතුරු පැදි 03 ක් සොරා ගත් සැකකරුවෙකු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදි කැබිතිගොල්ලෑව කොට්ඨාස බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හුරුළුනිකවැව, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්. පසුගිය 28 දා සවස කැබිතිගොල්ලෑව කොඨටාස බුද්ධි නිලධාරියෙකු හට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අඩංගුවට ගනු ලැබුවා. ඔහු කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ දිගින් දිගටම යතුරු පැදි සොරකම් සිදු වන බවට පොලිසියට පැමිණිලි ලැබි ඇති අතර ආසන්නම සිදු වීම ලෙස පැමිණිලි වී ඇත්තේ කාන්තාවකගේ යතුරු පැදියක් සොරාගත් සිදුවීමයි . එහි විමර්ශණ කටයුතු ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවර්ධන මහතා ඇතිලු විශේෂ කණ්ඩායමක් විසින් සිදු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222