- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සදහා සහභාගි වූ ළමුන් 40 ක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. එම හෝටලය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ජල ටැංකය අපවිත්‍රව තිබීම හේතුවෙන් මෙලෙස ආහාර විෂ වී ඇති බවටයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජලය සහ ආහාර සාම්පල ක`ඵතර රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබෙනවා.
ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය බස්නාහිර පළාතේ ගොවිල 4 කින් හදුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් වෛරස් රෝගය වැලදුනු ඌරන් ගොවිපලවලින් පිටතට රැගෙන යාම අත්හිටුවා ඇති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි අධ්‍යක්ෂ කේ.කේ.සරත් මහතා පැවසුවේ මෙම වෛරස් රෝගය මීට පෙර ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි. කෙසේ වෙතත් එය සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් නොමැති බවද ඔහු අවධාරණය කළා. එමෙන්ම මෙම වෛරස් රෝගය මිනිසුන්ට බෝවීමේ අවධානමක් නොමැති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සුභ සාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතිය ඇතුලත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සමාජ සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවයි. නාමලේඛන ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙන බව ද එම මණ්ඩලය පැවසුවා.
මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් පාකිස්තානයේ සංචාරයකට එක්ව තිබෙනවා. පාකිස්තානය සහ ඉන්දියාව අතර පසුගිය කාලසීමාව පුරාවට අන්තර් සම්බන්ධතා යහපත් මට්ටමක නොපැවති අතර ඔවුන් එකිනෙකා සමඟ තරග වැදුනේ මධ්‍යස්ථ ස්ථානවල පමණයි. සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානයට සහභාගී වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම ගැටලු මතු වූ අතර ඔවුන් තරගාවලිය වෙනත් රටකට ගෙන යන ලෙස යෝජනා කළා. මෙම ගැටලුව නිසා පාකිස්තානය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වර්ජනය කරන බවට ප්‍රකාශ කළ අතර ආසියානු කුසලානයේ තරග කිහිපයක් පාකිස්තානයේ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දෙන බව චීනය පවසනවා. එරට විදේශ කටයුතු උප අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවයි. ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී චීන උප අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා පමණක් නිලධාරීන් යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. මෙලෙස විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟයක් පවතින බවට මහජන ආරක්ෂක කටයුතු පිළිබද කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අතර, ඒ අනුව මෙම උපදෙස් ලබා දීමටයි අමාත්‍යවරයා කටයුතු කළේ. මේ අතර, මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ නිලධාරීන් අගය කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළා. ඒ අනුව සෑම පොලිස් කලාපයකින්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ නිර්දේශ ලබා ගනිමින් අදාළ…
වවුනියාව,සමනන්කුලම ප්‍රදේශයේදී 2009 ඔක්තෝම්බර් මස 16 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණය c නියම කර තිබෙනවා. වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් සැකකරුට විරුද්ධව වන සාක්ෂි කැඳවීමෙන් අනතුරුවයි ඊයේ දිනයේදී මරණීය දණ්ඩනය නියම කිරීමට කටයුතු කළේ. සැකකරු වවුනියාව සමනන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වි භාණ්ඩ සොරාගැනීම හා පුද්ගල ඝාතන දෙකක් සිදුකිරීම යන චෝදනා 11 ක් යටතේ වරදකරු කර තිබුණා. ඒ අනුව දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනා 09 කට වසර 10 බැඟින් සිරදඩුවම්ද, චෝදනා දෙකක් වෙනුවෙන් මරණීය දඩුවම්ද ලබා දීමටයි අධිකරණය කටයුතු කළේ. සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහු යුධ හමුදාව සතුව පැවති ගිනි අවියක් පැහැරගෙන ගොස් මරණයන් සිදුකොට ඇති…
දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින උණුසුම් සහ කඩින් කඩ වැසි සහිත කාළගුණ තත්ත්වය ඩෙංගු මදුරු ව්‍යාප්තියට හේතු වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය අනාවරණ කළේ. ඒ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා මෙලෙස පැහැදිලි කිරීමක් කළා. 2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 38,639 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මැයි පළමු වැනිදා සිට ඊයේ දක්වා ගෙවුණු දින 30 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 8,931 ක් හඳුනාගෙන තිබෙනවා.
ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම හෙට සිට අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුයේ, මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බවයි. ඒ බව අනාවරණ වී ඇත්තේ, 2021 – 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදී යි මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ කෙන්ජි ඔකමුරා මහතා අද සහ හෙට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි . මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙලෙහි මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේ දී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා හා ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222