Author: Anura Premakumara

ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාධිපති දේවි ගුස්ටිනා ටෝබිං මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද පැවැත්වුණා මෙහිදී සංස්කෘතික ආගමික ආර්ථික සහ සංචාරක අංශ ඇතුලු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කළා සප්තකන්‍යා කඳුවැටිය ආසන්නයේ සිදු වු ගුවන් අනතුරට වසර 50 ක කාලයක් සපිරීමත් සමග එම ප්‍රදේශයට පැමිණීමට නියමිත ඉන්දුනීසියානු ජනතාව සදහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදි කරුණු සාකච්ඡා ලක්වූණා මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිළධාරී පී.එන් විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් හෙට(ජුනි 01) දිනයේදී සිදු කිරිමට නියමිත බවට වාර්තා වනවා. මෙහිදී ජනාධිපතිවරයා පැවසීමට නියමිත බවට වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙුනවෙන් පසුගිය මාස 9ක කාලයේ රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්තික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙනි. එසේම ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හරහා රටේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලියද මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා සිය නිල නිවස තුලදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 43 වන වියේ පසු වූවා. ප්‍රාදේශීය ලේකම්වරයා ගෙලවැළලාගෙන මියගොස් සිටින බව, හදිසි රාජකාරියක් සඳහා පිටත්ව යාමට නිල නිවසට ප ැමිණි සේවකයෙකු අද උදෑසන දැක තිබෙනවා. අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පොලිසිය පවසන්නේ මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද එසේත් නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් නිවැරදිව තහවුරු කර ගැනීමට විමර්ශනයක් සිදු කරන බවයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිගමුව පොලිසිය විසින් කරනු ලබනවා.

තව කියවන්​න

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජිතයින් සමග අදහස් හුවමාරු කරගත් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර ජූනි මස අවසන් වීමට පෙර ප්‍රතිව්‍යුහගත කළ යුතුව තිබෙනවා. ගෙවීමට ඇති ව්‍යාපෘති ණය, ලංකා ඛනිජතෙල් සංස්ථාවට, පුනර්ජනනීය සපයුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ඇති ගෙවීම්, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය, 2023 ලබා ඇති පාඩු පියවාගැනීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාරික සැලසුම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලෝක බැංකු විශේෂඥයින් කටයුතු කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියා . ඒ සම්බන්ධයෙන්…

තව කියවන්​න

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ ජුනි මස 15 වෙනි දින සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක බවයි. යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තව කියවන්​න

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියා. නමුත් උන්වහන්සේව අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා  දැඩි අපහසුතාවයකට ලක්වුණා. අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් පිටත්ව යෑමට ඊයේ දින රාත්‍රී 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර තිබෙනවා. ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර අදාළ ගුවන් යානයට පිවිසීම සදහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිටි බවයි වාර්ථා වන්නේ. ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ…

තව කියවන්​න

තම පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙනවා. එය මුහුදට කඩා වැටුණු බවයි උතුරු කොරියාව පවසන්නේ. එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ජුනි 11 වන දා වන විට  චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang හි බලධාරීන් මීට පෙර නිවේදනය කර තිබුණා. උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බව පෙනෙන්නට ඇති බවත් රජය ඒ පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවත් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා  මේ පිළිබඳව පවසා තිබුණා . එක්සත් ජනපදය දකුණු කොරියාව සහ ජපානය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ද මෙම දියත් කිරීම හෙළා…

තව කියවන්​න

ඇෆ්ඝනිස්තානය සමග ජූනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. සංචිතය සදහා දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර යළි කැදවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. සධීර සමරවික්‍රම ද සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පාදයක ආබාධයකට ලක්ව සිටින නමුත්, මෙම සංචිතය සදහා ද ඔහු නම් කර තිබෙනවා. මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දග පන්දු යවන්නෙකු…

තව කියවන්​න

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ අද අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6.2 ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

තව කියවන්​න

අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ අද දිනයේ ඇතැම් ප්‍රදේශවල ශරීරයට දැනෙන උණුසුමක් පවතින බවයි. එහි යොදවා සිටි ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබෙනවා. මීට පෙර පාලනාධිකාරිය දැනුම් දී තිබුණේ මෙම කුඵණ නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදු කළහොත් ඔවුන්ට දැඩි දඩුවම් ලබා දෙන බවටයි.

තව කියවන්​න