- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල යළිත් පහත දමා තිබෙනවා. ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 210 ක් වන අතර ලොකු `ඵණු කිලෝවක මිල ද රුපියල් 115 ක් වනු ඇති බවයි. එමෙන්ම රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 314 ක් වනවා. මේ අතර සුදු සීනි කිලෝවක මිල රුපියල් 229 ක් වන අතර කඩල කිලෝවක මිල රුපියල් 545 ක් වනු ඇති බව සදහන්. එමෙන්ම සුදු නාඩු සහල් කිලෝවක මිල ද රුපියල් 175 ක් වනු ඇති බවටයි ලංකා සතොස ආයතනය මගින් නිකුත් කරන ලද නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා අද රාත්‍රි 8ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරනු ඇති. එමෙන්ම සමාජ, ආර්ථික හා දේශපාලිනක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතයි. රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉදිරිපත් කරනු ඇති. ජනාධිපතිවරයා ජාතික අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය රාත්‍රි 8 ට අප වී.එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.
බුදුදහමට අපහාද වන ආකාරය ප්‍රකාශ සදහා ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත බෲනෝ දිවාකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය අටක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ආගමික නිදහසට හානිවන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කිරීමට සහය දැක්වීම ඔහුට එරෙහි චෝදනා වනවා. බුදුදහමට අපහාස වන ප්‍රකාශයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරගතකර සිටින නතාෂා එදිරිසුරිය නැමැත්තියට ආධාර අනුබල ලබා දීම ද මොහුට එරෙහි චෝදනා වනවා. ආගම් ඉලක්කර ගනිමින් සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ විවිධ අදහස් පලවනවා. මේ ඊයේ පැවති ජන හමුවකදී අදහස් පලකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.
කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ මෙන්ම ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබෙනවා. මෙරටට ආනයනය කරනු ලබන ඇතැම් කරවල, හාල්මැස්සන් සහ පළතුරු තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල වශයෙන් අඩංගු බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ඇතැම් ආනයනික පළතුරු තොගවල බැර ලෝහයක් වන ‘ලේඩ්’ නැමැති රසායනිකය විශාල වශයෙන් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ සමීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
වෘත්තීන් කිහිපයක නියුතු පිරිස් හට අද සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, බැංකු යන ක්ෂේත්‍ර කිහිපයක පුද්ගලයින් හට මෙලෙස මුදල් ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සදහන්. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය බවයි වාර්තා වන්නේ.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර දෙරට අතර එක්දින ක්‍රිකට් තරග තුනක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා අමාත්‍යංශ කිහිපයක වැඩ බලන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශිය සංචාරය නිමකර යළි පැමිණෙන තෙක් අදාළ පත්කිරීම බලාත්මක වනු ඇති. ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යධුරයේ වැඩබැලීමට ජනක වක්කුඹුර මහතා පත්කර තිබෙනවා.
ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්ට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පළමු එක්දින තරග දෙක ඔහුට අහිමි වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඔහු පසුගිය 29 වැනිදා පැවැති අයි.පී.එල් අවසන් මහා තරගයේ දී ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ පසුබිමකයි ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ. ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.…
බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පළාත්වල අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
SL Vlosg හිමිකරු වන බෘෘනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නටාෂා එදිරිසුරිය සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි. එහිදී ඔහුගෙන් පැය අටකට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර පසුව බෘෘනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාතාෂා එදිරිසූරිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඒ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි. පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බෘෘනෝ දිවාකර නමැත්තා යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ආගමික නිදහසට හානි වන අයුරින් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222