- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 17 වැනි තරඟයෙන් කඩුළු 03ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 199ක් රැස් කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 48දී නොදී ලකුණු 89ක් රැස් කරනු ලැබුවා. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා ලකුණු 44ට කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ ලකුණු 200ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී ශෂන්ක් සිං පන්දු 29දී නොදැවී ලකුණු 61ක් රැස් කිරීමට…
ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු තබා රට ඉදිරියට ගෙන යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර මැණික් කුළුණ නමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. කේසේ වෙතත් රට තවමත් ඒදන්ඩක් මත තිබෙන බවත්, ඒ මතින් වැටෙන්නේද නැද්ද යන්න අප තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණා. ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දකුණු කොරියාවේ එස්.කේ බයෝටෙක් පර්යේෂණ ආතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ දකුණු කොරියානු දෙදින නිල සංචාරය අතරතුරයි මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇත්තේ. එන්නත්කරණ සහ ජෛව තාක්ෂන පර්යේෂණ පිළිබද ගෝලීය ආයතනික හවුල්කරුවෙකු ලෙසයි බයෝටක් ආයතනය සැලකෙන්නේ. මෙම නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ අනුප පස්කුවෙල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. ඒ අනුව අදාළ දුම්රිය ඊයේ රාත්‍රියේ පීලිගත කර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමග නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා තැපැල් මඟින් මත්ද්‍රව්‍ය පාර්සලයක් එවන ලද බවට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකය විසින් මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම ජාවාරමට අනුබල දුන් නයිජිරියන් ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු නාරාහේන්පිට සහ ජාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා.
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවති තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟ කඩුළු 4න් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2ට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලද පළමු ජයග්‍රහණයද වනවා. තුන්වන විස්සයි විස්ස තරඟයේ පළමුවේ පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා. එහිදී දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාට් ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙළුවා.…
කෘතිම බුද්ධිය හඳුන්වාදීමට පෙර එහි අනිටු ප්‍රතිඵල වළක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලොව දියුණු රටවල කෘතිම බුද්ධිය හදුන්වාදීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වළක්වාගැනීමේ පුර්ව සුදානමක් ලෙස අදාළ නීති සම්පාදනය කරන බවයි සුසිල් ප්‍රේමජයනන්ත මහතා පෙන්වා දෙන්නේ. ඒ අනුව ඒ පිළිබද රජය විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා.
තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම රාත්‍රී සමාජශාලා කළමනාකරු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වගකිවයුතු පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 16 වැනි තරඟයෙන් ලකුණු 106ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 272ක් රැස් කළා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් නරේන් පන්දු 39කදී ලකුණු 85ක් සහ ඇන්ඩ්‍රේ රසල් පන්දු 19දී ලකුණු 41ක් රැස් කිරීමටයි සමත් වුණේ. පන්දු යැවීමේද අන්රික් නොකියා ලකුණු 59ට කඩුළු 03ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166ක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222