Author: Anura Premakumara

මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුලු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින අතර, ඔකිනාවා ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2018 වසරේ ගිම්හාන ඍතුවේ දී ජපානයේ ඇතිවූ මෙවැනිම සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මිය ගියා.

තව කියවන්​න

දිස්ත්‍රික් 5 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑම් අවධානම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කඵතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යෑම් අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි එම සංවිධානය සදහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ නෙඵව යන ප්‍රදේශවලටත්, කඵතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත සහ වළල්ලාවිට යන ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ. කෑගල්ල දිස්ත්‍රිකයේ දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රදේශවලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයේ නාය යෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, ඇහැලියගොඩ සහ අයගම යන ප්‍රදේශවලටත් ඇලපාත සහ කලවාන යන ප්‍රදේශවලත් ජනතාව…

තව කියවන්​න

පොසොන් පොහොය නිමිත්තෙන් පුජා භූමි කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අතිරේක බස් රථ 500ක් අදාළ කාලය තුළ ජනතාවගේ පහසුව සඳහා ධාවනය කිරීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ. මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ ඇතුළු සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ ප්‍රවාහන සැලස්ම ක්‍රියාත්මක වනු ඇති. මේ අතර අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ ඉදිපොලගේ මහතා කියා සිටියේ අද සිට ලබන 06 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන් වාර 12ක් ක්‍රියාත්මක බවයි.

තව කියවන්​න

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හාමුදා භාරයට ගෙන තිබෙනවා. යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ. සැකකරුවන් සිය භාරයට ගන්නා අවස්ථාවේ නීති විරෝධීව කිමිදුම් කටයුතු සිදුකරමින් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටි බවයි නාවික හමුදාව සදහන් කළේ. සැකකරුවන් සන්තකයේ තිබී ඩිංගි යාත්‍රා 07ක්, කිමිදුම් උපකරණ, සහ නීති විරෝධි ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා වන තරගය අද පැවැත්වෙනවා. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 152ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි. ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 20ක් පිටුපසින් පසුවනවා.

තව කියවන්​න

අද සිට ත්‍රිරෝධ රථ ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රිරෝධ රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද සිට දෙවන ක්‍රිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80ක් දක්වා අඩු කෙරෙනු ඇති. ඉන්ධන මිල අඩු කිරීම සැලකිල්ලට ගෙනයි ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ.m ත්‍රිරෝද රථ සදහා ලබා දුන් ඉන්ධන කෝඨාව ඉහළ දැමීමට ද බලශක්ති අමාත්‍යංශය පසුගියදා කටයුතු කර තිබුණා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එහ දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙම සමාව හිමිවන අතර පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව වසරක් හෝ ඉන් කොටසක් ගතවන සිරකරුවන්ට දින 14ක සමාවක් හිමි වන බවයි වාර්තා වන්නේ. දඩ මුදල් නොගෙවීම මත සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදු වනවා. දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඉන් වසර 20ක් ගෙවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිමට නියමිතයි. අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිර දඬුවම නියමකර ඇති සිරකරුවන්ගේ සිර දඬුවම…

තව කියවන්​න

නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේදී ස්ටූඩියෝ ආයතනයක් තුල කූඨ ලේඛන සකස් කළ කාන්තාවක ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සාමවිනිසුරුවන්ගේ නිල මුද්‍රා 260ක්, ව්‍යාජ හැඳුන්ම්පත් 03ක්, පරිගණක යන්ත්‍ර 03ක් ඇතුළු උපකරණ කිහිපයක් වැටලීම සිදු කළ විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 70 යන වයස්වල සහ සැකකාරිය 42 හැවිරිදි වියේ පසු වන පල්ලේවත්ත, නාරාමේන්පිට සහ රාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

කොල්ලුපිටියේ පිහිටි වැලිබල් ෆිනෑන්ස් ආයතනය නවීන උපාංගවලින් සමන්විත ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද(01) දින උත්සවාකාරයෙන් වුණා. වසර 16 ක් තුළ ඉමහත් කීර්තියක් අත් කරගනිමින් විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සිය සමාගම සමග එක්කර ගැනීමට හැකි වූ බවයි වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා කියා සිටියේ. මේ වන විට වැලිබල් ෆිනෑන්ස් ආයතනය ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන 7 අතරට පැමිණීමට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න