Author: Anura Premakumara

දිවයිනේ කිසිඳු ආගමික ආයතනයකට සූර්්‍ය පැනල සවිකර නැති බව පුජ්‍ය ඕමල්පේ සොභිත හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කලේ විදුලි බිල වැඩි වන අවස්ථාවේදී සෑම ආගමික ආයතනයකටම සූර්්‍ය පැනල සවි කර දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ බවයි. නමුත් එම පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව මෙතෙක් අපොහසත් වී ඇති බවයි ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ.

තව කියවන්​න

වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කාරන්නේ එය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට අනිවාර්ය වන බවයි. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා කියා සිටියේ. මේ පිලිබන්දව අද නාරාහේන්පිට නිපුනතා පියසේ පවතී උත්සවයකදී මාධ්‍යවේදීන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන්ද විමසා සිටියා. එහිදි අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා.

තව කියවන්​න

විදේශගත ශ්‍රමික ප්‍රජාවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර තොරතුරු සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.  ඒ, ඌව පළාතේ වෘත්තිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී   පැවති වැඩසටහනේදියි. බදුල්ල දිස්ත්‍රික්කයේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රවෘත්ති වාර්තාකරණයේදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාව ප්‍රතිමානගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද දැනුවත් කිරිම සඳහා එම වැඩසටහන සංවිධානය කර තිබුණා. විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ තොරතුරු වාර්තාකරණයේදී නිවැරදිව සහ වේගවත්ව මහජනයාට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා පළාත්…

තව කියවන්​න

 2021 දෙසැම්බර් 31වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් මෙම මස12 වන දින විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.  යම් ගුරුභවතකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ යුතු බවයි එම  අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් සදහන් කළා.  අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙනු  බවයි ප්‍රකාශ ක‍ළේ.

තව කියවන්​න

හැටන් පොලිස් බල ප්‍රදේශයේ මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ අද දින නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ හදිසි පරික්ෂාවකට ලක් කෙරැණා. හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ සහ හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම සිදුකළා . හැටන් බස් නැවතුම්පොල දක්වා ධාවනය වු අඩුපාඩුකම් සහිත බස් රථ කිහිපයක් සහ හැටන් නගර හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම වාහන නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂක ඩි.එම්.ටි.ආර්.දිසානායක මහතාගේ පරික්ෂාවට යොමු කළ බවයි වාර්තා වන්නේ. මොටර් රථ පරික්ෂකවරයා විසින් පොලිස්…

තව කියවන්​න

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුද බිම ආලෝකමත් කිරීම සදහා විහාරාධිපති හිමියන් විසින් මුදල් නොමැති බව ප්‍රකාශ කළ ද එය මුසාවක් බව පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා. ජාතික වශයෙන් වැදගත්කමක් දක්වන බොහෝ පූජනීය ස්ථාන සදහා දෛනිකව විශාල ආදායමක් ලැබෙනු ඇති බවටයි උන්වහන්සේ කියා සිටියේ. මේ අතර අද රාත්‍රියේදී මිහිදු මහරහතන් වහන්සේට ගෞරව පිණිස 2331 වෙනි පොසොන් පින්කම වෙනුවෙන් මිහිදු පෙරහැර සංවිධානය කර ඇති බවටයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ.

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 71ක් පමණ වටිනා රත්‍රං තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා. ඒ, එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ආදායම් බුද්ධි අංශය සහ රේගුව දින කිහිපයක සිට සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. කිලෝග්‍රෑම් 32ක් පමණ බරැති මෙම රත්‍රං තොගය තමිල්නාඩු මුහුදේ තීරයේ ධීවර බෝට්ටු දෙකක තිබී සොයා ගෙන තිබෙනවා.

තව කියවන්​න

තමන් කිසි විටෙකත් ඇමතිකම් ඉල්ලා ජනපතිගේ පසුපස නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. යම් කිසි ලෙසකින් ජනාධිපතිවරයා විසින් තමන්ට වගකීමක් පවරන්නේ නම් එය නිසිලෙස ඉටු කිරීමට කටයුතු කරනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ පිරිසක් කටයුතු කරන්නේ ඇමතිකම් ලබාගැනිමේ අරමුණින් බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

තව කියවන්​න

ආනයනය කරනු ලබන භාණ්ඩ 300 ත් 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ එළඹෙන සතියේදී එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි. ඉල්ලුමට වැඩි ශක්තිමත් ඩොලර් සැපයුමක් මෙරට පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජාතික පෝෂණ මාසයට සමගාමිව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති බව සදහන්. පවුල් සෞඛ්‍ය කාර්යාලංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළේ මේ යටතේ දරුවන්ගේ බර, උස හා කෘෂ බව මෙහිදි පරීක්ෂා කරන බවයි. පවුල් සෞඛ්‍ය නිලධාරින් මගින් එම සමීක්ෂණය සිදු කරන බවද ඇය ප්‍රකාශ කළා. පසුගිය වර්ෂයේදී කරන ලද සමීක්ෂණයට අනුව අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 15 ක් අඩු බර දරුවන් ලෙස හදුනාගෙන ඇති බවද සදහන්. මීට සමගාමිව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මක බවටයි පවුල් සෞඛ්‍ය කාර්යාලංශයේ ප්‍රජා වෛද්‍ය…

තව කියවන්​න