Author: Anura Premakumara

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමට රජය ගත් තීරණයට විරුද්ධ බව මැතිවරණ කොමිසම පවසනවා. දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු  පත් කිරීම මගින් පළාත් පාලන ආයතනවල කටයුතු දේශපාලනීකරණය වනු ඇති බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුවන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒ පිළිබද මේ වන විටත් මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබෙනවා. මේ අතර පළාත් පාලන ආයතන සදහා විශේෂ නියෝජිතයින් පත් කිරීමේ තීරණයට එරෙහිව සමගි ජන බලවේගය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කළා.

තව කියවන්​න

ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(04) මධ්‍යම රාත්‍රිෙය් සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් පහත දමා තිබෙනවා. මෙතෙක් රුපියල් 3638ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3186ක් දක්වා පහත දැමෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1462 සිට රුපියල් 1281 දක්වා රුපියල් 181කින් පහළ දමා තිබෙනවා. මේ අතර මෙතෙක් 681ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් දක්වා පහත දමා ඇත්තේ රුපියල් 83ක් අඩු කිරීමෙනි. මේ නව මිල සංශෝධනය පිළිබද අදහස් දැක්වු ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස්…

තව කියවන්​න

2023 වසර මුල්දී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පුවත්පතට පවසා තිබෙන්නේ. සෘණ මට්ටමේ පැවැති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත් ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම…

තව කියවන්​න

මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 850 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති බවයි. මෙම දුම්රිය අනතුරත් සමඟ දුම්රිය ගමන් වාර 43 ක් අවලංගු කර ඇති අතර, තවත් 38 ක ධාවන වාර වෙනස් කර තිබෙනවා. මෙම බිහිසුණු දුම්රිය අනතුර හේතුවෙන් ඔඩීෂා මහ ඇමති නවීන් පට්නායික් ප්‍රාන්තය තුළ එක්දින ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා වැදගත් වී තිබෙනවා. පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හිමිකර ගැනීමත් සමග තරගාවලියේ රැදී සිටීමට නම් ශ්‍රී ලංකාව හෙට තරගය ජයග්‍රහණය කළ යුතුයි. දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වෙන්කර ගැනීමට ක්‍රීඩා ලෝලින්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එමෙන්ම කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කාර්යලයෙන් ද හෙට තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගතහැකිවනවා.

තව කියවන්​න

රජයේ අමාත්‍යංශ සහ ආයතන යටතේ පාලනය වන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. එලෙස අවදානමට ලක්ව ඇති මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 900කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ. කොළඹ, තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේක්ම කොට්ඨාසවල මෙම මහල් නිවාස පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකාරණ අධිකාරිය යටතේ මෙම මහල් ගොඩනැගිලි පාලනය වනවා. ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඒකක 420ක්, තිඹිරිගස්යායේ නිවාස ඒකක 120ක්,…

තව කියවන්​න

පොසොන් පොහොය නිමිත්තෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකවනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ මින්තලය සහ අනුරාධපුරය ඇතුළු පුජා භූමි කේන්ද්‍රකර ගනිමින් බස් සේවා ක්‍රියාත්මක බවයි. එමෙන්ම පොසොන් සමය තුළ අතිරේක දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ ඒ පිළිබද පැහැදිලි කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම් ජේ ඉදිපොළගේ මහතා.

තව කියවන්​න

කළු ගගේ කුඩා ගඟ අවට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළු ගගේ මගුරු ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද ගඟ භාවිතයේදී විමසිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පවතින වර්ෂාව හමුවේ ගිං ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම නිල්වලා ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා . ඒ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර පවතින වර්ෂාව හමුවේ මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්…

තව කියවන්​න

ගෘහස්ථ ගෑස් මිල හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ. ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති. හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බව සභාපතිවරයා පැවසුවා .

තව කියවන්​න