- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
ගෘහස්ථ ගැස් මිල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග රැසක මිල අඩු කලද එම අඩු කල මිලට සාපෙක්ෂව පාරිභෝගිකයන්ට එහි වාසිය ව්‍යාපාරිකයන් විසින් ලබානොදෙන බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසනවා. කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල අඩු කලද , හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවල පිහිටි ආපනශාලාවල අලෙවි කරන පිසු ආහාර වල මිල අඩු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ. වතුකරයේ ජනතාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජය විසින් ආහාර සහ ඖෂධ මිල ගණන් අඩු කර ඇතත් එහි වාසිය ව්‍යාපාරිකයන් ජනතාවට ලබා නොදෙන බවයි . නව මිලට ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම එම සමාගම විසින් අද දින උදැසන සිදු කල අතර ,…
ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා. පසුගිය මාස කිහිපය තුල තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක් රු 1800-1900 අතර අලෙවි වු බවත් ඉකුත් සතියේ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබු නිමි තේ කිලෝවක් රු 800-900 වැනි උපරිම මිලකට අලෙවි වු බවයි එම වතු අධිකාරිවරුන් කියා සිටියේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් වශයෙන් ගෙවිය යුතු බවත්, ඊට අමතරව නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන පිරිවැය ඉතා අධික බවයි ඔවුන් පැවසූවේ. වැඩි වු විදුලි…
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිදාන සංශෝධනය කිරීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.
හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 84 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති අතර නායයාම් සහ ගල් කඩා වැටීම් ද වාර්තා වී ඇති බව සඳහන්. මේ හේතුවෙන් 13,300 කට අධික පිරිසකට නිවාස අහිමිව අවතැන් කදවුරුවල සිටින අතර පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේදී භූ කම්පනයක් සිදුව තිබෙනවා. රාත්‍රී 10.49 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. රික්ටර් පරිමාණයේ ඒකක 2 ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළා. මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබෙන බව ද සඳහන්.
සබරගමුව පළාතේ ,ගාල්ල, මාතර සහ කඵතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්. මේ අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා.
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අත් පත්‍රිකා බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වන්නේ. විදේශ රැකියා ලබා දෙන බවට අත්පත්‍රිකා බෙදාහරිමින් මෙම ව්‍යාපාරිකයා කාන්තාවන් මුලාවට පත් කරන අයෙකු බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ.
රන්න පොසොන් කලාපයේ බත් දන්සලකින් පෝසිලේන් පිඟන් පන්සීයක් අතුරුදහන් වී ඇතැයි වාර්තාවනවා. එම පොසොන් දන්සල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා . මෙම දන්සලට පන්දහසක පමණ පිරිසක් සහභාගි වි ඇති බවයි වාර්තාවන්නේ. එහිදි ආහාර බෙදාගැනිමට ලබාදි ඇත්තේ වටිනාකමින් අධික පොසිලේන් පිඟන් වන අතර අවසානයේදි සංවිධායක කමිටුව පිඟන් ගණන් කර බැලු විට පිඟන් පන්සීයක් පමණ අඩු වි ඇති බවට අනාවරණ වි තිබෙනවා . දන්සලට පැමිණි ඇතැමුන් ආහාර ගෙන පිඟානද හොරේන් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 09 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනු අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි. අද දිනයේදී සිවිල් ගුවන් සේවා පනත යටතේ ගැසට් පත්‍ර කිහිපයකින් පළ කර ඇති නියෝග කිහිපයක් පිළිබඳ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සදහන් කළේ. මේ අතර රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරික්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීමේ සංශෝදිත යෝජනාව අද න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222