Author: Anura Premakumara

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොටුව පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම වාරණ නියෝගය නිකුත් කළා. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතු`ඵ 13 දෙනෙකුට එරෙහිවයි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව අරලියගහ මන්දියර, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමුවදොර වටරවුමේ සිට එන් එස් ඒ වටරවුම දක්වා මාර්ගයට ඇතුඵ වීම අධිකරණය විසින් වළක්වා තිබෙනවා.

තව කියවන්​න

මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහලට සහ දෙල්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පැවසුවා.

තව කියවන්​න

විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්්‍යූත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද සිදු වනවා. ඒ සදහා සාකච්ඡාවක් අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසුවේ. එම පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයන් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි.

තව කියවන්​න

වෙළදපොලේ යකඩ මිල සියයට 50 කින් පමණ පහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිපඵලයක් මත යකඩ මිල පහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ඔසද යාපා අබේවර්ධන මහතා පැවසුවේ. මේ අතර යකඩ මිල ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් ප්‍රමිතියෙන් තොර යකඩ නිෂ්පාදනය කිරීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බව ද ඔහු සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙනවා. විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මෙලෙස රෝගය වැළදී ඇති බව සදහන්. මවට සහ දියණියට එලෙස මන්කි ෆොක්ස් රෝගය වැළඳී ඇති අතර ඔවුන් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ. මේ අතර පියාට ද විදෙස් රටකදී මන්කි ෆොක්ස් රෝගය වැළඳී සුවය ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි අනාවරණය වී තිබෙනවා. මව සහ දියණිය ඩුබායි සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුඵ වීමේදී සිදු කළ පරීක්ෂාවේදී ඔවුන් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදන්කේලි සහ ජයපුරම් පොලිස් ස්ථාන මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. පසුගිය 2 වන දා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා. එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මේ අතර අද පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි බවයි.

තව කියවන්​න

සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අත පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට සම තත්ත්වයේ පසුවනවා. ඉන්දියාව සහ ඕස්ටේ‍රලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද ආරම්භ වීමට නියමිතයි. එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවේ අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. පළමු වරට ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, අද…

තව කියවන්​න

හයිටි රාජ්‍යයේ රික්ට මාපකයේ 4.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. මේ අතර හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 42ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා මෙම පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 13,000ක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා. ඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ බහාලුමක් තුළ පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් මෙම නීති විරෝධී භාණ්ඩ ගෙන්වීමටයි කටයුතු කර ඇත්තේ. මෙම නීති විරෝධී භාණ්ඩ පසුගිය 13 වැනිදා කොළඹ චැතම් වීදියේ ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙනැවිත් තිබූ අතර, ඊට අදාළ බහාලුම ඊයේ පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන්ට ඒ තුළ තිබී රුපියල් මිලියන 40 ක් පමණ වටිනා කොටස් වලට ගලවා තිබූ ඇලියොන් සහ ප්‍රියස් මෝටර් රථ 03 ක් හමු වී තිබුණා. මීට අමතරව රුපියල් කෝටි 18…

තව කියවන්​න