Author: Anura Premakumara

‍ශ්‍රී ලංකා නාවික හමුදාව අද  උදෑසන  සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් යාපනය ‍ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගත්තා. එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් ඔවුන් කටයුතු කළා. එලෙස අනතුරට ලක්වූ‌යේ යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා ගමන් කිරීමේදී . ට්‍රෝලර් යාත්‍රාවක් ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය හමුවේ යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වුූූවා. ඒ හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක්…

තව කියවන්​න

මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි. පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට  විසඳුමක් ලෙස මෙන්ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු  වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බව අමාත්‍යවරයා පැවසුුුවා. ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී විශ්වාසය පළ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන්…

තව කියවන්​න

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් නිකුත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ සඟරාව එළි දැක්වීම  මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  අද පැවැත්වුණා. ඒ මල්වතු විහාර පාර්ශවයේ කාරක සංඝ සභික උඩුගොඩ ශ්‍රී ධම්මක්කන්ද ස්වාමින්වහන්සේ හා ගෙලිඔය තෙලඹුගල ශ්‍රී නි‍ග්‍රෝධකෙත්ත පිරිවෙණාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති  ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම සඟරාව ආර්ථික අපහසුතා මධ්‍යයේ වූවද නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිය ස්තූතිය මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය  වෙත පුද කළා. ශ්‍රී ලාංකීය ඉතිහාසය, සංස්කෘතිය ඉතා සුවිශේෂී බවත් ඒ සම්බන්ධයෙන් වර්තමාන පරපුරට ඇති දැනුම…

තව කියවන්​න

ONE ගෝල්ෆේස් ගොඩනැගිල්ලේ ආපන ශාලාවක් තුළ ආරවුලකට මැදි වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා  බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. අද   පැවති මාධ්‍ය හමුවකදී  සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති බවයි.. එමෙන්ම සිදුවීමට සම්බන්ධ වූ නිලධාරීන් හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විමර්ශනයක් සිදුකර වගකීම්වලට යටත්විය යුතු සියලුදෙනා වැඩ තහනම් කිරීමකට හෝ සුදුසු දඬුවමකට යටත් කිරීමට පියවර ගන්නා බවයි ඒ  මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම කාරක සභාව රැස් වුණා. එහිදි ජනාධිපතිවරයා විසින් හර්ෂ ද සිල්වා මහතාගේ නම සභාපති ධුරය සදහා යෝජනා කර ඇති අතර ඊට කාරක සභාවේ සියලු සාමාජික මන්ත්‍රීවරුන්ගේ එකගත්වය පළ වී තිබෙනවා.

තව කියවන්​න

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව ලිදුල පොලිසිය පැවසිය. ප්‍රධාන මාර්ගය හරහා ගස කඩා වැටි ඇති ස්ථානයෙන් සැහැල්ලු වාහන වලට පමණක් ධාවනය කල හැකි බවත්, ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි ලිදුල පොලිසිය කියා සිටියේ. ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගසෙහි සහ ඒ අසල පිහිටි මාර ගස් කිහිපයකම බඹරුන් කුඩු බැද ඇති බවත්, ගස කඩා වැටිමත් සමග බඹරුන් ඇවිස්සි ඇති නිසා ගස කපා ඉවත් කිරිමට බාධා පැමිණ ඇති බවත් තව දුරටත්…

තව කියවන්​න

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පසුගියදා කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව හිමි වූ බවයි. මේ අතර අද පෙරවරු 11ට මුදල් කමිටුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබු බවට එහි සාමාජිකයන් වෙත පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් දැනුම්දීමක් සිදු කර ඇති බව සදහන් . ඊට ජනාධිපතිවරයා සහභාගී වන බවද වාර්තා වනවා. කතානායකවරයාගේ උපදෙස් මත මහලේකම්වරිය විසින් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. මේ අතර අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවත්, මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට නියමිතව ඇති බවත්…

තව කියවන්​න

ලොව වායු දූෂණය ඉහළම නගර අතරට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ඇතුළත්ව තිබෙනවා. වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර්ධනය වීමත් සමගයි නිව්යෝර්ක් නුවර ලොව වායු දූෂණය ඉහළම නගර අතරට එක්ව ඇත්තේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිණි අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වායු ගුණත්වය පිරිහිමට හේතු වී ඇති බවයි. ලොව වායු ගුණත්ව දර්ශකයට අනුව අපිරිසිදුම වාතාශ්‍රයක් සහිත රටවල් අතර පෙරමුණේ සිටින්නේ ඉන්දියාව වන අතර දෙවන ස්ථානයට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පත්ව තිබෙනවා.

තව කියවන්​න

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය යටතේ සෑම පාසල් දරුවෙකුටම නිල ඇදුම් සහ දිවා ආහාරය ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. කෙසේ වෙතත් එහිදි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ එම රජය සමයේ පාසල් සිසුන්ට නිල ඇදුම් ලබා දුන්නද සෑම පාසැල් සිසුවෙකුටම දිවා ආහාරය ලබා නොදුන් බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් සියලු ජනතාව එක්විය යුතු බව ජනාධිපති නිීඥ සාලිය පිරිස් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රටෙහි නීතිය වර්තමානයේ දී ක්‍රියාත්මක වන ආකාරයට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳ වැටීමට ලක්වන බවයි.

තව කියවන්​න