Author: Anura Premakumara

මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසීමට නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රය අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහ මෙම කමිටුව පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මහනුවර කටුකැලේ මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

හඟුරන්කෙත ලූල්කඳුර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගයන් තිදෙනෙකු තුවා ලබා තිබෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත සිට දෙල්තොට දක්වා ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් තුවාල කාන්තාවන් දෙදෙනෙකු සහ රියදුරු දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාවන් දෙදෙනා මහනුවර රෝහලට මාරුකර යවා තිබෙනවා.

තව කියවන්​න

පාදුක්ක ප්‍රදේශයේදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව යොදා තිබූ මාර්ග බාධකයක් අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී පොලීසය හා පොලිස් විශේෂ කාර්ය බකාය එක්ව ප්‍රති ප්‍රහාර එල්ල කළ බවයි පොලීසිය සඳහන් කළේ. මෙහිදී වෙඩි තැබීමෙන් තුවා ලැබූ යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු යන පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම තත්ත්වයත් සමග ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබෙනවා. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොණු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව කරුණු විමසීම සදහායි. අදාළ පෙත්සම ඊයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. ඒ අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ නව සන්ධානය එළිදැක්වීමේ පළමු අධියර අද සිදු කරනු ලබනවා. සමගි ජන බලවේගයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ අද සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාව අතර ගිවිසුමකට අද අත්සන් තබන බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ. මේ අතර නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව ද ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පලකළා. මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය අද ක්‍රියාත්මක කරන බවයි.

තව කියවන්​න

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් ලක්ෂ 10ක මුදලක් වැයකර දේශපාලන ක්‍රියාකාරකම් සදහා ජී.අයි.බට මිලදී ගැනීමේ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා. අදාළ නඩුව ඊයේ කොළඹ මාහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැදවු අතර එහිදී අදාළ නඩුව විභාගය සදහා අගෝස්තු මස 29 කැදවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

තව කියවන්​න

පරිසර ගැටලු විසදීමට නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරිය සදහන් කළේ ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාවන නංවන බවයි. ඊට අදාළ මුලික සාකච්ඡාවක් ඊයේ පැවත්වුණු අතර ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා. පාරිසරික ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දීම, පරිසර හානි සිදු නොකිරීමට මහජනතාව පෙළඹවීම මෙම නව වැඩසටහනේ අපේක්ෂාව වී තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායාලයට අමෙරිකාවේ අඛන්ඩ සහය ලබා ගැනීමට නම් ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි කිරීම වැලැක්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ඒ අනුව අමෙරිකාව ලබා දෙන යුධ ආධාර ඇතුළු අනෙකුත් සහයෝගයන් ඊශ්‍රායල හැසිරීම මත තීරණය වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළ ආකාරයෙන් ඊශ්‍රායලය ඉදිරි කටයුතු නොකරන්නේ නම් අමෙරිකාව සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටන් බ්ලින්කන් අවධාරණය කර තිබෙනවා.

තව කියවන්​න

නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා මහතා, පෝලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය, තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ මහත්මිය සහ මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම මහත්මිය පත්කිරීමටයි අනුමතිය හිමිව ඇත්තේ. එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඉංජිනේරු ආර්.ජී. රූබසිංහ මහතා පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න මෙනෙවිය පත් කිරීමටද අනුමැතිය ලබාදී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ…

තව කියවන්​න