Author: Anura Premakumara

2022 සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණේ පසුගිය මස 29 වනදායි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කොළඹදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අතරතුර කලහකාරි ලෙස හැසුරුණු සිසුන් සහ විභාග වංචාවන්ට සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි. කටුගස්තොට ප්‍රදේශයේ ජාතික පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් ඇති වූ අතර එහිදී සිසුන් කිහිපදෙනෙකු හට තුවාල සිදුවුණු බව සඳහන්.

තව කියවන්​න

සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසනවා . එසේම එමගින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකි වෙතැයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා . ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බවද අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් .

තව කියවන්​න

පුත්තලම නගරයේ කපුටන් රැසක් මිය යමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙලෙස කපුටන් මිය යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ මෙලෙස ඊයේ දිනයේ සිට කපුටන් මිය යමින් සිටින බව සඳහන්. මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ෆෙස්ටිවල් -2023  උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. ඒ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධන කිරීමත් අරමුණු කර ගනිමින් ජපන් ශ්‍රී ලංකා සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණා. ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙල නරඹන්නට ජපන් වැසියන් හා ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා. ශ්‍රී ලාංකික ආහාර පාන ලබා ගැනීමටත් , ශ්‍රී ලාංකික වෙනත් නිෂ්පාදනයන් මිලදී ගැනීමටත් ජපන් වැසියන් තුළ විශාල උනන්දුවක් තිබු බවයි වාර්තා වුණේ. එහිදී ශ්‍රී…

තව කියවන්​න

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි. එමෙන්ම වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්. ඒ අනුව ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය…

තව කියවන්​න

මාධ්‍ය නියාමන කොමිෂන් සභා පනත ගෙන ඒම තුලින් රජය සුදානම් වන්නේ ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරන්නේ ආණ්ඩුව විසින් ජනතාවට හිමි සියලු වරප්‍රසාද කප්පාදු කරන බවයි. ඌව පරණගම ප්‍රදේශයේ පැවතී ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

තව කියවන්​න

කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගත් බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා. අදාළ කාන්තාව වයස අවුරුදු 29 හැවිරිදි තිදරු මවක් බවටයි වාර්තා වන්නේ. මාළු ව්‍යාපාරිකයාගේ තර්ජනයට ලක්ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදි සිටි තිදරු මවද පොලිස් බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට ද නිතර තර්ජනය කළ බව…

තව කියවන්​න

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා . එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04 ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී  ඇති බව ද සදහන් .

තව කියවන්​න

එක්දින ධීවර යාත්‍රාවක් අද  උදැසන වස්කඩුව මුහුදේදී  අනතුරට ලක්වී තිබෙනවා. එහිදී තිදරු පියෙකු අතුරුදන්ව තවත් දෙදෙනකු  දිවි ගලවා ගත්  බවයි කළුතර උතුර පොලිසිය පවසන්නේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැව්රිදි තිදරු පිය‍ෙක්. මෙම පුද්ගලයා තවත් දෙදෙනකු සමග උදැසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා  මුහුදු ගොස් තිබුණා. එහිදී එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර  ඔවුන් දිවි බේරා ගැනීමට බෝට්ටුවේ එල්ලී සිටියත් දිය පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. දිවි ගලවාගත් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ.

තව කියවන්​න

කිලිනොච්චිය පුනානි නිරාවි ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටී සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබුණා. එම සිසුවිය 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි පොලීසිය පවසන්නේ.‍ පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.

තව කියවන්​න