Author: Anura Premakumara

යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වීමට නියමිත බවයි. යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බවත් බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළා. කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බවයි ලේකම්වරයා තවදුරටත් පැවසූවේ.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කිරීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව  මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා කියා සිටියේ පසුගියදා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් සිමෙන්ති කොට්ටයක මිල අඩු කරන බවට ප්‍රකාශ කළද මේ වන තෙක් එම මිලට වෙළඳපොල තුල සිමෙන්ති මිලදී ගැනීමට නොමැති බවයි.

තව කියවන්​න

සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයක් මගින්. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් 2030 වසරේදී බිලියන 1.9 ක ජනතාවකට පිරිසිදු ආහාර වේලක් පිලියෙල කිරීමේ අවස්ථාව ද අහිමි විය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන්. විශ්වාසනීය, තිරසාර සහ නවීන බලශක්තිය සදහා ප්‍රවේශය සහතික කිරීම උදෙසා නිර්මාණය කර ඇති සංවර්ධන ඉලක්ක හතේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් සංවිධානය විසින් තම හවුල්කාර සංවිධාන සමග එක්ව පැවති විශ්ලේෂණයකදියි මේ බව අනාවරණ වී ඇත්තේ.

තව කියවන්​න

රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වනවිට පුරප්පාඩු 7000 ක් පමණ ඇති වී තිබෙන බවත්, මේ හේතුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතනවල කාර්යාල තුළ කටයුතු කිරීමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙම පුරප්පාඩුවලින් 5000 ක් ඇති වී තිබෙන්නේ මධ්‍යම රජයේ ආයතන තුළ බවත්, ඉතිරි 2000 පළාත් රාජ්‍ය ආයතන තුළ ඇති වී ඇති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා සඳහන් කළා. මධ්‍යම රජයේ අයනවල 2020 වසර වනවිට පැවති පුරප්පාඩු ගණනය කර ඒ සඳහා ද බඳවා ගැනීම්වලට අයදුම්පත් කැදවූ බවත්, මේ අනුව උසස් පෙළ සමතුන් රුපියන් 600 ක මුදලක් වැය කර අයදුම්පත්…

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව නිවේදනය කළා. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කාරක සභා සාමාජිකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කළ බවයි නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ.

තව කියවන්​න

සබරගමුව පළාතෙත්, ගාල්ල මාතර කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මීටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිත දිග මෝසම මේ වනවිට දිවයින හරහා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බවයි. බස්නාහිර හා වයඹ පළාත්වලටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් . ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 ත් 45 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව සදහන්. වර්ෂාවත්…

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන අතරතුරයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර පොලිස් නිලධාරීයෙකුද සිටින අතර, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වී තිබෙනවා . එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන් . පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරා ද සිටින බවයි. කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා. කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා. ඒ අනුව තවත් මාස 03 ක් පමණ පවතින මිල ගණන් යටතේ එළවළු අලෙවි කරනු ඇති බවයි අප කළ විමසීමකදී එම සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

තව කියවන්​න