Author: Anura Premakumara

අග්නිදිග ආසියානු රටවල් අමෙරිකාව සමග ප්‍රථම වරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට එකඟතාව පළ කර තිබෙනවා. ඉන්දුනීසියාව නිවේදනය කර ඇත්තේ චීනයෙන් එල්ලවන බලපෑම් හමුවේ තමන් මෙම තීරණයට එළඹුනු බවයි. මියන්මාරය සහ තවත් රටවල් 8 ක් ද, මෙම හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිතයි. එය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තව කියවන්​න

මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට හිමිවන්නේ සියයට 20 ක් තරම් වූ ප්‍රතිශතයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඉතිරි සියයට 80 විපක්ෂයේ පක්ෂ අතර බෙදී යන බවයි. එමෙන්ම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකි නම් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයෙන් සියයට 50 ක ප්‍රතිශතයක් නොව සියයට 60 ක වැනි ජන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බවද ඒ මහතා සඳහන් කළා.

තව කියවන්​න

විකාශන අධිකාරි පනත භාවිත කිරීම තුලින් ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාව ඒකාධිපති පාලනයකට යටත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එම සඳහා කෘතිමව නිර්මාණය කල ජාතිවාදී ආගාම්වාදී වැඩසටහන නැවතත් කරලියට පැමිණෙන බවයි.

තව කියවන්​න

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ද මෙවර එක්දින සංචිතයට කැඳවා තිබෙනවා. එමෙන්ම නිමාවට පත්වූ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේදී එක්දින වරම් දිනාගත් මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද මෙම සංචිතයට ඇතුලත් වනවා. කෙසේ වෙතත් තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින සංචිතයේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා. වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ සධීර සමරවික්‍රම ද එක්දින සංචිතයට අතුලත්. ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතයි. මේ සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය…

තව කියවන්​න

නවක රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ වැටුප් මාස දෙකක් තුළ වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැදිහත් වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලංකාගමනාගමන මණ්ඩලය වෙත බඳවා ගත් නවක රියදුරු, කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ 2025 වසර වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්කිරීම අද දිනයේ පත්වීම ලබන සියල්ලන්ගේ වගකීමක් බවයි. තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කලේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඇති එකම පොදු ප්‍රවාහන මාධ්‍ය ලංගම බස්රථය පමණක් බවයි. ආයතනය වෙත ලැබිය යුතු ආදායමෙන් විශාල…

තව කියවන්​න

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එළ ගවයින් අතර පැතිර යන රෝගයක් හේතුවෙන් මැදිගිරිය ප්‍රදේශයේ කිරි ගොවින් මේ දිනවල අසීරුතාවට පත්ව සිටිනවා. එම ප්‍රදේශයේ එළ ගවයින් අතර කුඩා බිබිලි සහිත රෝගයක් පැතිර යන බවයි ඔවුන් පවසන්නේ. රෝගය වැලඳීමෙන් දින 15 කට පසු එම සත්ත්වයින් මිය යන බව ද ගොවීන් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පශු වෛද්‍ය කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම රෝගයට නිසි ඖෂධයක් තවමත් සොයා ගෙන නොමති බවයි.

තව කියවන්​න

මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම  හඳුන්වා දුන්නා. වසර 12 කට අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කරගනිමින් මෙම පෝෂක ඖෂධය පෞද්ගලික ආයතනයක් සමග එක්ව නිෂ්පාදනය කිරීමට හැකිවූ බවයි මහාචාර්යවරයා පැවසුවේ. මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුව වෙමින් පවතින රෝගීන්ට ද  ලබාගත  ගත හැකි බව ඒ මහතා සදහන් කළා. මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් බවත් පියයුරු පිළිකා,පෙනහලු පිළිකා, ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන පිළිකා ඇතුළු පිළිකා වර්ග 15 පමණ පිළිකා සෛල විනාශ…

තව කියවන්​න

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම දෙරට අතර ආගමික හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම එකඟත්වය පළ කළ බව බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති Khaled Nasser Alameriමහතා සහ බුද්ධශාසනආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අද  අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම,    ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ  පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම,…

තව කියවන්​න

සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදුකෙරුණා. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. 60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස මේ මස13 දින ඊශ්‍රාලය බලා පිටත්ව යාමට නියමිතයි.  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිව තිබෙනවා. ඒ අනුව 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 372 ක් සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිව ඇති බවයි වාර්තාවන්නේ. මෙම වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක…

තව කියවන්​න

බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි තරුණියන් පස් දෙනකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් තිබෙනවා. එසේ ගසාගෙන  යන විට එක් තරුණියක බේරා ගෙන ඇතැයි පොලිසිය පවසනවා. තරුණියන්ගෙන් එක් තරුණියකගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර අතුරුදහන්ව ඇති බවයි වාර්තාවන්නේ. කිරින්ද වෙරළ අයිනේ ගලක්මත වාඩි වී කතා බස් කරමින් සිටියදී එකවර ආ විශාල රළකට මෙම පිරිස අසුව තිබෙනවා. මුහුදේ තද රළු ගතිය නිසා අතුරුදන් සිරුර සෙවීම අපහසු වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසනවා.

තව කියවන්​න