- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: Anura Premakumara
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයක්. සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ. එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කළා. මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාවය දිනා ගැනීමට එන් සී සී කණ්ඩායම හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත් වුණා. ඒ, ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වීම හේතුවෙන්. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉනිම් 3ක දී ලකුණු 195ක් ලබා ගත් එන් සී සී කණ්ඩායමේ උපුල් තරංග. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ලහිරු මදුශංක ඉනිම 4කදී කඩුලු 10ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කර ගත්තා. මුවර්ස් කණ්ඩායමේ ලහිරු සමරකෝන් තරගාවලියේ වීරයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ ු ඉනිම් 5 කදී කඩුලු 13 ක් දවා ගනිමින්.
ඕනෑම මැතිවරණයකට සමගිජන බලවේගය සුදානම් බව එම පක්ෂයේ පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු පැවසුවේ රටට නව ආණ්ඩුවක අවශ්‍ය බවයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අවධරණය කළා .
දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කල යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. දුම්රිය රියදුරු සංගමේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. තවදුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් දුම්රිය ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුුන්නා.
අද සිට යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. මෙම පොහොර තොගය ඕමානයේ සිට ආනයනය කර තිබෙනවා. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500 සහිත නෞකාවක් පසුගියදා මෙරටට ගෙන ආ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. මේ අතර, අනුරාධපුරය – ගලෙන්බිදුනුවැව හුරුලුවැව – වම් ඉවුර හා දකුණ ඉවුර යටතේ වගා කෙරෙන කුඹුරුවලට වැළඳී ඇති පණු උවදුරක් හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා. ගොවීන් ප්‍රකාශ කළේ කුඹුරු අක්කර 6,000 ක් පමණ ගොඩවෙල් නමැති මෙම පණු උවදුරට ගොදුරුවී ඇති බවයි.
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වනවා . මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් අද දිනයේද ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේද සහයෝගයෙන් දිවයින පුරා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා . මේ අතර ශරීරයේ නිරාවරණය වන ස්ථානවල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා දරුවන් පාසල් වෙත යොමු කරන්නැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, පාසල් දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වනු ඇති බවයි. මේ අතර රාජ්‍ය ආයතන ආශ්‍රිතව මදුරුවන් බෝවීමේ…
දකුණු කොරියාවේ දී පැවැත්වෙන 2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ දී සත්කාරක දකුණු කොරියාවට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. එහිදී ලකුණු 94 ට 08ක් ලෙස තරගය ජය ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණේ. 12 වැනි වරට පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය පෙරේදා දිනයේදී ආරම්භ වූ අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය වූයේ මෙයයි.
බොරැල්ල ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් පුද්ගලයන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව ඊයේ දිනයේ සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග පුද්ගලයන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග පුද්ගලයන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව කඩු 02ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා පුද්ගලයන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද…
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දෙවන වරට පැවති ලෝක ශුරතා ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අද(11) පස්වරුවේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්. ජුනි 7 වනදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම විසින් දිනාගනු ලැබු අතර එහිදී පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට ලබාදීමට පියවර ගනු ලැබුවා . ඒ අනුව පිටියට පිවිසි ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛාව 469 ක්. අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296 ක් පමණයි. ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 173 ක් ඉදිරියෙන් සිටිමින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222