- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
Author: Anura Premakumara
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් මූල්‍ය ආයතනයක හිමිකරුවෙකු පැහැරගෙන ගිය සිදුවීමකට සම්බන්ධ චීවරධාරියකු දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ මැයි මස 11 වැනි දා දකුණු මාකොළ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණි චීවරධාරියකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පැවසෙන දෙදෙනෙකු එම ආයතන හිමිකරු පැහැරගෙන ගොස් ඇති බවයි. එමෙන්ම ඔහුගේ ගමන් බලපත්‍රය සහ නිවසේ ඔප්පුව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව ද සදහන්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා . පොලීසිය පැවසුවේ අද උදෑසන 07.10 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි . ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය පැවසුවේ . තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා .
පිලිපීනයේ ඇල්බේ ප්‍රාන්තයේ පිහිටි මයෝන් නැමති ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. මේ හේතුවෙන් 13,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනි කන්දේ සිට කිලෝමීටර 3 ක වපසරියක සිටින පිරිස් ඉන් ඉවත් කර තිබෙනවා. මීට පෙර 2013 සහ 2018 වසරවලදී මෙම ගිනි කන්ද සක්‍රීය වූ අතර 1814 වසරේදී පුද්ගලයින් 1,200 ක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පිළිපීනයේ ඇති සක්‍රීයම ගිනි කන්ද මෙය වනවා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව අද සහ අනිද්දා පුහුණු තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද පස්වරු 12:30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුනා. ඒ බෲනායි කණ්ඩායම ලකුණු 82-16ක් ලෙස පරාජයට පත් කරමින්. දකුණු කොරියාවේ දී පැවැත්වෙන වෙන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටයි.
ඩොලරය පහත යෑම හමුවේ ඉදිරියේදී භාණ්ඩ මිල අඩුවනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ සදහා බියෙන් පසුවන බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. මෙලෙස ජනතාවට ඇති පරමාධිපත්‍ය අයිතිය අහෝසි කිරීම කණගාටුවට කරුණක් බවටයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .
පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්‍රවලට අද සිට එම පොහොර මිල දී ගතහැකි බව රජය පවසනවා. පොහොර සමාගමෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කලේ එම වවුචර්පත්‍රවලට යුරියා පොහොර පොළොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි. කොළඹ වරායට පැමිණ ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩබෑම අද ඊයේ පස්වරුවේ සිදු කළා. පසුගිය 11 වනදා පැවැති අධික වර්ෂාව හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවයි පොහොර සමාගමෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.
මෙරට තුළ දැනට පවතින ඩෙංගු වසංගත තත්වය අධි වසංගත තත්වයක් බවට පත්වීමට පෙර පාලනය කර ගත යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා. ඇය පවසන්නේ තවමත් ඩෙංගු රෝගය වසංගත තත්වයේ පවතින බවයි. නැගෙනහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය සහ රෝග මර්දන කටයුතු පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ. මෙතෙක් ඩෙංගු වසංගතය පාලනයට නතුව පවතින බවත්, එය පාලනයෙන් ගිලිහී යාමට නොදී සියලු පාර්ශව එක්ව ඩෙංගු මර්දනයට දායක වීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පෙන්වා දෙනවා.
මැදගම, ඌරුමුත්තාව ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සදහන් කළේ. තුවාල ලැබූ පුද්ගලයා 37 හැවිරිදි රුවල්වෙල, තඹාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයාට වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරුදු 65ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඔහුගේ ඉඩමට තුවාලකරුගේ ගවයකු ඇතුළු වීම හේතුවෙන් බවයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවියද සමග දඹගල්ල පොලීසියට භාරවී ඇති අතර, ඔහු අද බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222