- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
ඉන්දියාවේ ජම්බු සහ කාශ්මිර ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඉන්දීය වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණ රික්ටර් මාපක ඒකක 5.7 ක භූ කම්පනයක් සිදුව ඇති බව සදහන්. එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් දේපල හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.
නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සදහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගෙන තිබෙනවා. නීතිපතිවරයා විසින් අද ඒ බව අභියාචනාධිකරණයට ද දැනුම් දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද එම ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ගොනු කර තිබුණා. ඒ අනුව පෙත්සම ලබන 26 වන දා යළි කැදවීමටයි අධිකරණය නියම කළේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පුහුණු පාසැල වන ශ්‍රී ලන්කන් ඒවියේෂන් කොලේජ් හි අධ්‍යාපන කටයුතු දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල සිසුන්ටත් සහභාගී විය හැකි පරිදි එම පළාත් වලද ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව එම පාසැලේ ශාඛා දෙකක් යාපනය සහ කල්මුණේ ප්‍රදේශයේ පිහිටුවීමට පියවර ගැනුනා. මේ මගින් එම ප්‍රදේශ වල පදිංචි සහ රැකියා වල නිරත සිසුන්ට පහසුවෙන් , එම ප්‍රදේශ වල සිටම මෙම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා . මෙම පාසැල වසර 34 ක සිට ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ යුරෝපීය ගුවන් සේවා ආයතන ඇතුළු තවත් ගුවන් සේවා ආයතන පිළිගනු ලබන පාඨමාලා තුළින් සහතික පත් පිරිනමමින් සිටිනවා . දැනට මෙම…
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවා. ඒ අනුව දරුවන් සසුන්ගත කිරීමට වයස් සීමාව තීරණය කිරීම මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
මධ්‍යම යුක්රේනයේ මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලකට අද රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති අතර ගොඩනැගිල්ලේ සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බවයි එම මාධ්‍ය වාර්තාවල සදහන් කර ඇත්තේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස මෙන්ම ජීවිතක්ෂයට පත් වූ පිරිස ද ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වන්නේ.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට නිසි තැන ලබා දෙන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍ර සදහා වියදම් කරන මුදල අවම කර ගැනීමේ හැකියාව පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.
පවතින ආර්ථික අර්බුද හමුවේ තමන්ට දැරිය නොහැකි මිලක් භාණ්ඩවල පවතින විට පාරිභෝගිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකි සිටීම ඊට ඇති විසදුම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. බිත්තර වැඩි මිලට විකිණීම සම්බනධයෙන් මාධ්‍යවේදියෙකු අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බව සදහන්. පාන් විකිණීම, නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරණ පාන් ආඥා පනත පනවා තිබෙනවා. නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බව…
ලබන මාසයේ මැදවන විට අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජයේ ආයතනවල සහ පොදු ස්ථානවල මදුරුවන් බෝවීමේ වැඩි අවධානමක් දක්නට ලැබෙන බවයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරින් පවසනවා. පානදුර, වාද්දුව, හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ගණනාවකින් මෙලෙස රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු පැවසුවේ. හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි . ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි . මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ද විටින් විට හමන පැයට කිලෝමීටර 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222