Author: Anura Premakumara

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 100ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විවාහ මංගල්‍යයකට සහභාගී වී නිවෙස් බලා පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. මෙම අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයන් සිටීද යන්න පිළිබද සෙවීම සදහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් සියයට 17ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි. පසුගිය වසරේ ජූනි සහ ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ සියයට 40ක අඩුවීමක්…

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් ක්‍රීඩකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වනවා. සෙසු ක්‍රීඩකයින් 156 දෙනා විදෙස් ක්‍රීඩකයින්. කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වෙන්දේසිය පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිත බවයි. වෙන්දේසිය සදහා වට 51 ක් ඇතුළත් අතර, එහිදී පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, වේග පන්දු යවන්නන් හා දග පන්දු යවන්නන්, කඩුලු රකින්නන් මෙන්ම ජාත්‍යන්තර වරම් දිනූ හා දිනා නොමැති වැනි කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම…

තව කියවන්​න

වත්මන් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තු මේ වනවිට ආණ්ඩුව විසින් කඩකර ඇති බව තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු සදහන් කළා.

තව කියවන්​න

සියයට 16 කින් හෙට සිට ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එමෙන්ම සෑම මාස 03 කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවයි ඔහු සඳහන් කලේ . මේ අතර අමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ බිඳවැටී ඇති රෝහල් වල තිබෙන රෝග පරීක්ෂක යන්ත්‍ර සකස් කිරීමට බිලියන 4ක් වෙන්කර ඇති බවයි . ඒ අනුව ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යම් සුබවාදි බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ . මේ අතර නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට…

තව කියවන්​න

යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල හෙට සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු කිරීම සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගත් බවයි. යූරියා පොහොර සම්බන්ධව වෙළදපොල මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය, ඒ සදහා පත් කළ කමිටුව විසින් තීරණය කළ යුතු බවයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඒ අනුව මිල කමිටුව රැස් වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ.

තව කියවන්​න

දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, රත්නපුර, කොළඹ සහ ඉංගිරිය ප්‍රදේශවලට නායයෑමේ අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ. එමෙන්ම දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තද සුළං ඇති…

තව කියවන්​න

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පොල්ගහවෙල – කෑගල්ල හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා අද වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 7.00 සිට 18 වැනිදා දක්වා පෙරවරු 7.00 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් වසා දමන බවයි. එම මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් ලබන 17 වැනදා පෙරවරු 7සිට 18 වනදා පෙරවරු 5 දක්වා වසාදමන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුටත් සදහන් කළේ.

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ප්‍රතිලාභීන්ගෙන් සියයට 95 කගේ පමණ තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවද ඔහු පැවසුවා.

තව කියවන්​න

මෙම වසරේදී මැතිවරණයක් පැවැත්වීම අවිනිශ්චිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ මැතිවරණයක් කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

තව කියවන්​න