- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස පාලම කඩා වැටීම හේතුවෙන් නල මාර්ග වලටද හානි සිදුව ඇති අතර, ඒ හේතුවෙන් නිවාස 8,000ට ගෑස් සැපයීම ඇනහිට ඇති බව සඳහන්. පාලම කඩා වැටීමට සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවයි. මේ අතර රතිඥ්ඥා හා ගිනිකෙළි භාවිතයෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ ජාතික අක්ෂි රෝහලේදී පැවැත් වුණා. එහිදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ගිණිකෙලි භාවිතය හැකිතාක් අවම කළ යුතු බවයි.
අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1,089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළා. ඒ අනුව තරගාවලිය ජූලි පළමු වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එහිදී තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරයන් වූ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ අනුශූරයන් වූ දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි. එල්.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලිය සදහා ක්‍රීඩාංගන 3 ක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පළමු තරග පහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම ඊළග තරග 9 පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. දඹුල්ලේ දී…
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරින් 2,000 ක් පමණ රාජකාරියේ යොදවන බවය ඔහු සඳහන් කළේ. අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1,000 ට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී දහවල් 12:12 ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා. එහිදී මාකස් ස්ටොයිනීස් පන්දු 43දී ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී උමේෂ් යාදව් සහ දර්ෂන් නල්කන්ඩේ කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ රාහුල් තෙවාතියා පන්දු 25දී ලකුණු 30ක් රැස් කළා. මෙහිදී විශිෂ්ඨ…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 234ක්. එහිදී ටිම් ඩේවිඩ් පන්දු 21දී ලකුණු 45ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 10දී ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී අක්සාර් පටෙල් සහ අන්රික් නොකියා කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි. මෙහිදී ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 25දී වේගවත්…
මොසැම්බික් ජනරජයේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 05 දෙනෙකු බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම යාත්‍රාවේ 130ක් පමණ ගමන් කර ඇති අතර, තදබදය වැඩි වීම සහ මෙතරම් පිරිසක් යාත්‍රාවට දරා ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. කොලරා රෝගය දැඩිව පැවතීම හේතුවෙන් මෙම පිරිස මොසැම්බික් හී නාම්පුලා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කිරීමට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222