- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලෝකයේ විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා. පසුගිය පළමුවනදා යුද හමුදා රෝහලේදී කළ එම ශල්‍ය කර්මය ගිනස් ලෝක වාර්තා අතරටද එක් වූ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කිරමින් පවසන්නේ. ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන ලද මෙම වකුගඩු ආශ්‍රිත ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වනවා. ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මේ වන විට හමු වී ඇති දිගම වකුගඩු ආශ්‍රිත ගල 2004 වසරේදී ඉන්දියාවේදී සිදු කරන ලද ශල්‍ය කර්මයකදී හමු වී තිබෙනවා. එය මීටර් 13 ක…
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සදහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා. ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සදහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බව සදහන්. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 24 වන දා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි. මේ යටතේ මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට නියමිතයි. ඊට අමතරව උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතව පවතින ඉඩම් ද බදු දීම සදහා අයදුම්පත් කැදවා තිබෙනවා. මේ අතර ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා චෝදනා කරන්නේ රාජ්‍ය සම්පත් සියල්ල පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බවයි. මෙය ජාතික ආරක්ෂාවට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 සහ 23 යන දෙදින තුළ නිල සංචාරයක් සදහා පැරිසීය බලා පිටත්ව යාමට නියමිතයි. එහිදි ජනාධිපතිවරයා ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුඵවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ සදහා එක්වන ලෙසට ද ආරාධනා කර තිබෙනවා.
තවත් උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවය සදහා බදවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. වයස අවුරුදු 35 නොඉක්ම වූ උපාධිධාරින් අතරින් එම පිරිස බදවා ගන්නා බවයි ඔහු පැවසුවේ. එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරුන් 7,500 කට ලබන 16 වන දා නව පත්වීම් ලබා දෙන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි එම සංවිධානය පැවසුවේ. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සදහා නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රෝහල්වල පවතින රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව රජයේ විකීරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ දිවයිනේ විවිධ රෝහල්වල යන්ත්‍ර 10 කට ආසන්න ප්‍රමාණයක් බිඳ වැටී ඇති බවයි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අවධාරණය කළා. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ රජයේ විකීරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා.
ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම මෙරට වෙළදපොල සාමාන්‍යකරණයට ලක් වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බවට ඔහු අවධාරණය කළා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30 බංග්ලාදේශයේ මීර්පූර් හීදී ආරම්භ වීමට නියමිතයි. ඇෆ්ගනිස්ථානයේ මෙම තරග සංචාරය සදහා එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග දෙකක්ද ඇතුලත් කර තිබෙනවා.
විදෙස් රැකියා ලබා දෙන බවට සදහන් කරමින් රුපියල් 820,000ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන පොලිස් ස්ථානයට ලැබූ පැමිණිලි 06ට අදාලව සිදු කළ විමර්ශනයට මොවුන් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවටගත් සැකකාරිය හා සැකකරු 27 හැවිරිදිවියේ පසුවන රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බවටයි අනාවරණය වී ඇත්තේ. ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවයි. ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159ක්. එමෙන්ම ඉන්දීය සංචාරකයින් 99,147දෙනෙකු පැමිණ ඇති අතර, බි්‍රතාන්‍ය සංචාරකයින් 45,108 දෙනෙකු පැමිණ තිබෙනවා. එමෙන්ම මේ මාසයේ ගතවූ දින 11ක කාලය තුල මෙරටට විදෙස් සංචාරකයින් 31,909 දෙනෙකු පැමිණ තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුටරත් සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222