- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල කැපීපෙනෙන අගයකින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19 ක් වන අතර එහි විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 318.99 ක් ලෙසයි. මෙම වසරේ මැයි මාසයෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් සහ විකුණුම් මිල මෙයයි.
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පෙත්සමක් යවා තිබෙනවා. උතුරේ එක්සත් ධීවර සමිති එකමුතුව නියෝජනය කරමින් මෙම පෙත්සම එහි සභාපති ඒ. අන්නාරාසා විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යැවීම සදහායි. ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක් ඇරඹීමට නියමිත බැවින් එහිදි පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්රශ්නය පිළිබදව සාකච්ඡා කොට අවසන් විසඳුමක් ලබා ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමිති එකමුතුව ඉල්ලා තිබෙනවා.
මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර කියා සිටියේ ස්වභාවිකව සම ආරක්ෂා කරගෙන එය නිරෝගිව පවත්වාගෙන යාම වැදගත් බවයි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් අද යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුුුණා. යාපනය ආරක්ෂක සේනා නව ආඥාපති ලෙස මේජර් ජෙනාල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා පසුගිය 12 වැනිදා වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්වය හා සිවිල් සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්වුුුවා. යාපනය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය එහිදි සාකච්ජා කළා. සාකච්ජාවන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් දස දහසක් සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පළමු අදියරේදී බඩඉරිඟු ගොවීන් සඳහා බිම් සකස් කිරීම සඳහා මුල්‍ය ආධාර ලබා දීම, බීජ නොමිලේ ලබා දීම, තෙල් ඉසින යන්ත්‍ර හා බහු කාර්ය තණ කොළ කපන යන්ත්‍ර ලබා දීම ආදී ආධාර රැසක් ලබා දීම සිදු කෙරුණා. එහි දෙවන අදියර යටතේ ප්‍රථිලාභයන් මීට පෙර හිමි නොවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් දස දහසක් වෙනුවෙන් රුපියල් බිලියනයක ආධාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ යටතේ බඩඉරිඟු අක්කර විසිදහසක් වගා කරවීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යය…
සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. ඊයේ දිනයේදී දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස් කළ අතර, අනතුරුව දෙවැනි දිනය සදහා තරගය නැවැත්වීමට කටයුතු කරනු ලැබුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළා. ඒ අනුව දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 194ක් පිටුපසින් පසුවනවා.
පාකිස්ථානයේ සින්ග් ප්‍රාන්තයට හෙට දිනයේදී බිපාර් ජෝයි සුළි කුණාටුව හමා යනු ඇතැයි එරට කාලගුණික අංශ අනතුරු අගවා තිබෙනවා. මේ හේතුවෙන් එම පළාතේ පුද්ගලයින් 80,000 ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. හෙට දිනයේ පැයට කිලෝමීටර 135 ක වේගයකින් බිපාර් ජෝයි සුළි කුණාටුව සින්ග් ප්‍රාන්තයට කඩා වදිනු ඇති බවටයි එරට කාලගුණික අංශ පවසන්නේ. එමෙන්ම ඉන්දියාවට බලපා ඇති බිපාර් ජෝයි සුළි කුණාටුව හේතුවෙන් 35,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
එළඹෙන ජූලි මස පළමුවනදා සිට අවම බස් ගාස්තුව ඇතුඵ සියලුම බස් ගාස්තු සියයට 20 කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි මස පළමුවනදා සිට බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර එම කොමිෂන් සභාව කාණ්ඩ 12 කට අදාළව ගණනය කිරීම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඉන්ධන මිල, වාහන අමතර කොටස් මිල ඇතුඵ කාණ්ඩ 12 ක් සැලකිල්ලට ගනිමින් මෙම තිරීණය ගෙන ඇති බව සදහන්.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුනු දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා. ඔහු පැවසුවේ ඩෙංගු වැළදුනු දරුවන් 35 දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. මේ අතර නිසි පාලනයක් නොමැති වුවහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් ගණන ඉතිහාසයේ වැඩිම රෝගීන් වාර්තා වූ වර්ෂය බවට පත් වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2017 වසරේ වාර්තා වී ඇති බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා. පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව සදහන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුඵ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ට ද ඒ සදහා ආරාධනා කර තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ කැඳවා තිබූ සාකච්ඡාවක් සදහා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගි වී තිබුණේ නැහැ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222