- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
පිලිපීනයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. මෙම භූ කම්පනය පිලිපීනයේ මැනිලා අගනුවරට කිලෝමීටර 124 ක් දුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදුව නොමැති බවද වාර්තා වී තිබෙනවා. මේ අතර 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පිලිපීනයේ බොහෝල් දූපතට ආසන්නයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක් හටගත් අතර එයින් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරුටත් සදහන් කර ඇත්තේ.
යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු කිරීම සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගත් බවයි. යූරියා පොහොර සම්බන්ධව වෙළදපොල මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය, ඒ සදහා පත් කළ කමිටුව විසින් තීරණය කළ යුතු බවයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඒ අනුව මිල කමිටුව රැස් වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 160ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළා. ඒ අනුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 131ක් පණයි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 151ක් රැස් කළා. ඒ අනුව ලකුණු 364ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සිය දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 185ක් පමණයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව සහ නැගෙනහිර යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදේශ රැකියා දෙන බවට පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂ විසි දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළ අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රඹුක්කන පොලිස් ස්ථානයට ලද පැමිණිලි 6 කට අදාළව සිදු කළ විමර්ශනවලදී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන, බෙලිගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අඹු-සැමි යුවලක් බව සදහන්. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් රවටා එලෙස මුදල් වංචා කර ඇති බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මොවුන් දෙදෙනාට විරුද්ධව පැමිණිලි කිරීම සදහා පුද්ගලයින් 46 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා. මෙම සැකකරුවන් පිළිබදව වැඩිදුර විමර්ශන රඹුක්කන පොලිසිය මගින් ක්‍රියාත්මකයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිවිටෙකත් තමන් සහයෝගය ලබා නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා. මේ වන විට පවතින පාලනය ව්‍යවස්ථාවට පටහැනි පාලනයක් බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඪදසජැ ක්‍මඑ – ලාල් කාන්ත
මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබද පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි. මේ අතර වෙළදපොළේද තවමත් එළවඵ මිල ගණන්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බවටයි අප වාර්තාකරුවන් පවසන්නේ. ජුනි, ජුලි මාසවල එළවඵ මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙම වසරේ එම මාසවල එළවඵ මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනයේ සිදුව තිබෙන අඩුපාඩුවක් නිසා බවටයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී.ජී. සමන්ත මහතා කියා සිටියේ.
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා. මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා කියා සිටියා . නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාවද සාමාන්‍ය පරිදි තව…
ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුඵවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් අමතන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගෝලීය නායක සමුඵව ලබන 22 හා 23 යන දිනවල පැරිසියේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි. මේ අතර ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද අද දින පැවැත්වෙනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222