Author: Anura Premakumara

සහනාධාර අහිමි වූ පුද්ගලයින්ට ඒ සදහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජුලි මස පළමු වන දින සිට නව සහනාධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.

තව කියවන්​න

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගය 2023 ඔක්තෝබර් මස 15 වන ඉරිදා දිනයේදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 2023 ජුනි මස 15 වනදා සිට ජුලි මස 06 වන දින දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදු කෙරෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කෙසේ වෙතත් ජුලි මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 පැයෙන් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ. එසේම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් සකස් කරන ලද නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම පනත් කෙටුම්පත සදහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බවයි. අදාළ යෝජනාවලියට අනුව නව පනත මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නීති පිළිබදව ද කම්කරු අමාත්‍යාංශයේදී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියා. මේ ඒ පිළිබදව අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව මහතා.

තව කියවන්​න

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රට තවමත් ණය අර්බුදයක සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවයි. එවැනි තත්වයක් තුළ ණය ක්‍රමයකින් වාහන ආනයනය කිරීම ඉතා ප්‍රවේශමින් කළ යුතු කාර්යයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

තව කියවන්​න

ත්‍රස්ත සංවිධානයක් විසින් වළ දමන ලද කිලෝ විස්සක් පමණ බරැති විශාල බෝම්බයක් සොයා ගැනීමට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද  හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. සංග්‍රාමික ආරක්ෂක අංශයේ 4 වන කණ්ඩායම විසින් මෙම අධිබලැති බෝම්බය සොයාගෙන ඇත්තේ මාලි රාජ්‍යයේ ටෙසාලිට් සිට ගාඕ දක්වා සෝදිසි මෙහෙයුමක් අතරතුරදී කාන්තාර වැලි බිම් මාර්ගයක වළ දමා තිබියදීයි. යුද හමුදාව සැකපළ කරන්නේ සාමසාධක හමුදාවේ රථ පෙල ඉලක්ක කර ගනිමින් මෙලෙස බෝම්බය අටවා ඇති බවටයි. ප්ලාස්ටික් උපකරණයකට අධිබලැති පුපුරණ ද්‍රවය අඩංගු කරමින් මෙම අධිබලැති බෝම්බ සකසා තිබූ බවද යුද  හමුදාව පවසනවා. පසුගිය මැයි මස…

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්වරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ මගින් ග්‍රාම නිලධාරීන් සේවය පිළිබද ජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවන බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරනවා. එහි ජාතික සංවිධානය නෙවිල් විජේරත්න මහතා කියා සිටියේ අදාළ ප්‍රකාශ මැතිරණ කොමිසමේ මතය දැයි රටට හෙළි කළ යුතු බවයි. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

පාසල් සිසුන්ගේ විනය සම්බන්යෙන් ඇති වී ඇති ගැටළු පිළිබද විදුහල්පතිවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත මහතා සදහන් කළා. කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලට අනුව මෙම සාකච්ඡාව සිදු කළ බවයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පැවති විභාගයන් සමත් වීමෙන් අනතුරුව තෝරාගත් ගුරුවරුන් 7500 ක පමණ පිරිසක් ඉදිරියේදී ජාතික පාසල්වලට සහ පළාත් පාසල්වලට අනුයුක්ත කරන බවයි.

තව කියවන්​න

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර එය අද දිනයට පමණක් සීමා වන බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ් නීති විරෝධී අයුරින් රන් සහ ජංගම දුරකථන තොගයක් දිවයිනට රැගෙන ඒ්ම සිද්ධියට වරදකරුවීමේ සිදුවීම සම්බන්ධයෙනි. කතානායකවරයා පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන් බවයි. පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අලි සබ්‍රී රහීම් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම කිරීමේ යෝජනවක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වී තිබෙනවා. ඒ් අනුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙම වාර්තාව කැඳවා ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ සාර්ථකව අවසන් වුණා. එහිදි වැඩිම ක්‍රීඩකයන් පිරිසක්, එනම්, ක්‍රීඩකයන් 24 දෙනෙකු බැගින් සිය සංචිතයට ඇතුළත් කර ගැනීමටයි කොළඹ, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් කටයුතු කළේ. මහනුවර කණ්ඩායම ක්‍රීඩකයන් විසි දෙදෙනෙකු ද, යාපනය කණ්ඩායම ක්‍රීඩකයන් 21 දෙනෙකු ද සිය සංචිතයට තෝරා ගැනීමට කටයුතු කළා. මෙහිදි සෑම කණ්ඩායමක්ම විදෙස් ක්‍රීඩකයන් සිය සංචිතයට එක් කර ගැනීමට සියලු කණ්ඩායම් කටයුතු කරනු ලැබුවා. කළම්බු ස්ට්‍රයිකර්ස් වෙන්දේසියට පෙර බාබර් අසාම් සහ නසීම් ශාහ් යන ක්‍රීඩකයන් සමග ගිවිසුම්ගත වීමටයි කටයුතු කළේ. එමෙන්ම ඊයේ දිනයේදී වහාබ් රියාස් ඇමෙරිකානු ඩොලර් 40, 000 ක මුදලකටත්, ඉෆ්ටිකාර් අහ්මඩ් ඇමෙරිකානු ඩොලර් 50,000 කට, ලෝකන්…

තව කියවන්​න