- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම මිල සංශෝධනය මේ මස 26 වැනිදා සිට බලාත්මක බවයි එහි දැක්වෙන්නේ. නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්. නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යක බොතලයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270යි ශත දෙකක් ලෙසයි. ඇමොක්සිලින් ඇසිඩ් මිලිග්‍රෑම් 375ක උපරිම සිල්ලර මිල රුපියල් 70යි ශත 32ක්…
වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කල ප්‍රතිපත්තීන් බව නිදහස ජනතා සභාව පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්තීන් හි නායකයා රටෙහි නායකයා බවට යලිත් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් වන බවයි .
ගාලු පාර, හොරණ, කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින් විශේෂ බස් රථ සේවාවක් අද සිට ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් මෙම විශේෂ බස් රථ සේවවා ආරම්භ කර තිබුණා. ඒ අනුව කොළඹට ඇතුළු වන මගීි ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ ධාවනය කරනවා. කොළඹට ඇතුළු වීම සහ පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිත කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමඟ විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටළු සඳහා විසඳුම් සැලසෙනවා.
වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100 ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එමෙන්ම, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80 ත් 120 ත් අතර විදුලි ධාරිතාවක් වැය වන බවයි එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා සඳහන් කලේ. ඒ මහතා පවසන්නේ නවීන තාක්ෂණයෙන් සකස් කරන ලද එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර භාවිතයේදී වැය වන්නේ වොට් 40 ක පමණ විදුලි ධාරිතාවක් බවයි. විදුලි ගාස්තු සංශෝධනයත් සමග මෙරට නිවාස මිලියන දෙකක පමණ මාසික විදුලි බිල රුපියල් 4000 ඉක්මවා ගොස් ඇති අතර විදුලි ගාස්තු සංශෝධනයට පෙරදී මෙම නිවාසවල මාසික විදුලි බිල රුපියල් 200 ත් 300 ත් අතර වූ බවයි…
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක් බවයි වාර්තාවන්නේ. එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සේවක පුරප්පාඩු 1,663ක් බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එම කරුණු අනාවරණ වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී. එහිදී එම කාරකසභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ සමස්ථ සේවක සංඛ්‍යාවේ වැඩි වීමක් අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.
බලපත්‍ර නොමැතිව එතනෝල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එගොඩ උයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලීටර්1300 කට අධික ප්‍රමාණයක් බැරල් හතක අසුරා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එගොඩ උයන ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. සුවඳ විලවුන් නිෂ්පාදනයට යැයි පවසා මත්පැන් සැකසීමට මෙම එතනෝල් රැගෙන යමින් තිබූ බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු සහ එතනෝල් තොගය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වවුනියාව දිස්ත්‍රික්කයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන් එකඟතාවය පළ කළා. වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුලසිංහම් දිලීපන් මහතා හා වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන්,උපකාර පන්ති ගුරුවරුන් සමඟ සිදුකළ සාකච්ජාවකදී අදාළ තීරණය ගෙන තිබෙනවා. පසුගිය සතියේ යාපනය දිස්ත්‍රික්කයේ උපකාර පන්ති සිකුරාදා සවස හා ඉරිදා දිනයේ නැවැත්වීමට යාපනය දිස්ත්‍රික් උපකාර පන්ති ගුරුවරුන් එකඟතාවය පළ කොට තිබුණා. දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අදාළ තීරණ ගෙන තිබුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ උපකාර පන්තියක් සදුදා දිනයේ සිට සෙනසුරාදා දක්වා සවස 6.30 දක්වා පමණක් පැවැත්වීමටත්,ඉරිදා දිනයේ කිසිදු අවස්ථාවක උපකාර පන්ති නොපැත්වීමටද වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන් හා ගුරුවරුන් එකඟවූවා. උසස්පෙළ දරුවන්…
මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගේට්ටුවේ එල්ලි දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ හෙතුවෙන් තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළා. දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා.
වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ගොවිජන බලමණ්ඩලය සමග අද පැවැති සාකච්ඡාවේදී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා එම තීරණය ගත්තා. වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිතයි.
2021 වසරේ නීති විරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් බිලියන 15 කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි මිලිනය 200 ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රේගුව විසින් රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 13 ක මුදලක් ඉතිරි කර දීම පිළිබදව සිය ස්තුතිය ශ්‍රී ලංකා රේගු අධිකාරියට පළ කරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222