- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
බිරියට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා. පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් සම්බන්ධතා පිළිබඳව බිරිඳ විමසා සිටි අවස්ථාවේදී මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසනවා. පසුගිය 12 වැනිදා පහරකෑමට ලක්වූ බිරිඳ මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට සියලු සිසුන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙම තීරණය ගැනීමට නියමිත බවයි අරලියගහ මන්දිරයේදී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාධාරින්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කලේ. මේ අතර, මෙවර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය හා තාක්ෂණවේදය විෂයන්ට අදාළව ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වනදා සිට ජූලි මස 31 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව, අදාළ විෂයන්වල පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් පෞද්ගලික ලිපිනවලට තැපැල් මගින් යැවීමට කටයුතු කරන…
උතුරු පළාතේ පාසල් පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව නිමාකළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් එහිදි ලබාදීම සිදුකළා. උතුරු පළාතේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් බඳවා ගැනීමට සුදානම් කොට තිබෙනවා. උතුරු පළාතේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුද කඩිනමින් පිරවීමට නියමිත බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. වැඩසටහන් අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් අද පරීක්ෂක මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරාය වෙත පැමිණියා. වරාය,නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පරීක්ෂක මගී නෞකාව පිළිගැනීම සිදුකළා. ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවය හරහා ඉන්දු ලංකා සබඳතා පුළුල් කර ගැනීමට නියමිත බව වරාය,නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිළධාරීන් පැවසූවා. මගී නෞකාව අද උදැසන මගීන් 100 දෙනෙකු සමඟ කන්කසන්තුරය වරාය වෙත පැමිණි අතර,මගී නෞකාව පැමිණීමට සමගාමීව රුපියල් කෝටි 25 ක වියදමින් සංවර්ධනය කළ කන්කසන්තුරය වරාය විවෘත කිරීමද සිදුකළා. ඉදිරියේදී මගී නෞකා…
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල රුපියල් 300.51ක් ලෙසයි සටහන්වී ඇත්තේ. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 319.66ක් ලෙසයි.
දොම්පේ, මාලින්ද ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූ ලොරි රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තාවන්නේ. බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පැවසුවේ එහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබෙනවා. අනතුරට සම්බන්ධ නාවික හමුදා බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය පැවසුවා.
දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී තිබෙනවා. මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
2022 -2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 27 වනදාසිට ජූලි මස 31 වනදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නැටුම් විෂය මෙන්ම සංගීතය විෂය සදහා එළබෙන 27 වනදා සිට ජූලි මස 06වන දින දක්වාත්, ඉංජිනේරු තාක්ෂණවේදය – එළබෙන ජූලි මස 12 වනදා දින සිට ජූලි 21 වන දින දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය -එළබෙන ජූලි මස 29 වෙනිදා සිට ජූලි 31 වන දින දක්වාත් පැවැත්වෙනු ඇති බව සදහන් .
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු මාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි. මේ හේතුවෙන් රජයේ රෝහල් තුල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ඔහු කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222