Author: Anura Premakumara

වැල්ලම්පිටිය, අයි.ඩී.එච් පාර, කොලොන්නාව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. තුවාල ලැබූ පුද්ගලයන් 41 හැවිරිදිවියේ පසුවන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය සදහන් කළා. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයන් සොයා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ මේ වන විට එය පාර්ලිමේන්තු  න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවයි. එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වේගවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය ඉවහල් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය හෙටින් ආරම්භ වීමට නියමිතයි. එය ලබන ජූලි මස 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මේ සඳහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටින්නේ වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙසයි. අක්‍රමවත් කසළ බැහැරකිරීම් හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ එක්රැස් වන බවද එම අධිකාරිය සදහන් කළා . එමෙන්ම උත්සව කාලසීමාව තුළ බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන බවයි එම අධිකාරිය ප්‍රකශ කළේ.

තව කියවන්​න

තිරිඟු පිටි,අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. එයට අදාළ ගැසට් නිවේදනය වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට මෙලෙස තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබෙනවා. වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තිරිගු පිටි මිල සංශෝධනය වන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ලබන 21 වනදා වන විට පහල දැමිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනවා .

තව කියවන්​න

සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට නිවේදනය කර ඇත්තේ විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවාවනුයි. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින්. ඒ අනුව අදාළ ආයතන වල සියලුම සේවා මෙන්ම වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනු ඇති. අදාළ තීරණය ගෙන ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා බවද මේ සම්බන්ධව නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.

තව කියවන්​න

සුරාබදු නිලධාරීන්ගේ ආරක්ෂාව ඳසහා පිස්තෝල ලබාදීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. ඒ් අනුව ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ. නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිලදී ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ. ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කාලයට ගැලපෙන ලෙසින් ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් පකිස්ථානු ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරගාවලිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. වසරකට අධික කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ෂහීන් අෆ්රීඩි යළි සංචිතයට කැඳවා තිබෙනවා. පසුගිය වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකා කන්ඩායම සහග ගාල්ලේ පැවැති තරගයක් අතරතුරදී ෂහීන් අෆ්රීඩි ආබාධයකට ලක්වූවා. ඉන් අනතුරුව ඔහු පකිස්ථානු සංචිතයට කැඳවූ පළමු අවස්ථාව මෙය වනවා. එසේම නවක ක්‍රිඩකයින් වන මොහොමඩ් හරෙයිරා සහ ආමර් ජමාල් ද සංචිතයට කැඳවා තිබෙනවා. බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතුව මෙම සංචිතය නම් කර ඇති අතර ඊට මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා සාෆික්,…

තව කියවන්​න

ආහාර ද්‍රව්‍ය ඇතුළු මෙරටට ආනයනය කළ බහාලු‍ම් රැසක් මේ වන විට රේගුවේ සිරවී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ බහාලු‍ම් පරීක්ෂා කිරීමේ ප්‍රමාදය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවයි. මෙම තත්ත්වය හේතුවෙන් භාණ්ඩ හිඟයක් මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමක්ද සිදුවිය හැකි බව ද සනත් මංජුල මහතා කියාසිටියා .

තව කියවන්​න

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා සිය වැටුප එම පළාතේ දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. වැඩ භාර ගැනීමෙන් අනතුරුව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සිය පළමු රාජකාරිය ලෙස ඊට අදාළ ලිපිය පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ලබා දෙනු ලැබුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවින් දිසානායක මහතා සඳහන් කලේ සබරගමුව පළාතේ අධ්‍යාපන , මාර්ග , සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක දියුණුව වෙනුවෙන් තමන් හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

තව කියවන්​න

වර්තමානයේදී දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්දයෙන් පැමිණිලි ලැබීමේ ප්‍රවනතාවක් මතුව ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කරන්නේ දරුවන්ට සිදුවන කායික හිංසන හා ලිංගික හිංසන පිලිබඳ පැමිණිලි එහි ප්‍රධාන තැනක් ගන්නා බවයි.

තව කියවන්​න