Author: Anura Premakumara
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කණිෂ්ඨ නීතිඥවරියකට අධිකරණ පරිශ්‍රය අසලදී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙකු එළඹෙන මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් වූ විවාහක පුද්ගලයෙකු බව සදහන්. පැමිණිලිකාරිය වන නීතිඥවරිය ඉතාමත් රූමත් බව පවසමින් අදාළ සැකකරු ඇය ලුහුබදිමින් නොමනා වදන් පවසමින් ඇයට අතවර කළ බවටයි පැමිණිල්ලේ සදහන් වන්නේ. එහිදි පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු පිළිබදව විමර්ශනය කර ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට යොමු කර ඇති අතර එහිදි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් සියයකට අධික පිරිසක් පෙනී සිට ඇති බවද සදහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා . රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, මේ මාසය තුල එම සමාලෝචනය පැවැත්වෙන බවයි. එහිදී අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තමන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසදුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ .
ජනතාවට මේ වනවිට මැතිවරණයක අවශ්‍යතාව මතුව ඇතැයි, ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා . සභාපතිවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් සමග ජනතා කැමැත්ත මේ වන විට වෙනසකට ලක්ව ඇති බවයි. ඒ අනුව තම මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාව තුල පවතින නව කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා කුමන මැතිවරණයකින් හෝ අවස්ථාවක් ලබාදිය යුතුව ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළා . ඔහු පෙන්වා දෙන්නේ, එසේ නොවුණහොත් සමාජයට දරාගත නොහැකි අයුරින් ජනතා කැමැත්ත ඉස්මතුවීමට ඉඩ ඇති බවයි. රට මේ වනවිට යහපත් තත්ත්වයකට පත්වෙමින් පවතින බැවින් මැතිවරණයක අවශ්‍යතාව පවතී නම්, පාර්ලිමේන්තුව මගින් කොමිසමට ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනු ඇති බවද ඔහු සඳහන් කළා…
ඇමරිකානු සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ චීනයේ සංචාරයක නිරතවූ අතර, එය සැළකෙන්නේ වසර පහකට පසුව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එරට සිදුකළ පළමු සංචාරය ලෙසයි. චීන විදේශ අමාත්‍යවරයා හමුවූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී චීන – තායිවාන ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. පැය පහකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී දෙරටට බලපාන ආර්ථික ගැටළු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වනවා. පෙරහැර අද සිට ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මේ අතර, වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා . පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය , මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බව, මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා . ඒ අනුව පොලිතින් මලු වෙනුවට පරිසර හිතකාමී මලු ලබාදීම ඇතුළු පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.
කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද සිට ආරම්භ වුණා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවා.
පාසල් කාලය තුළදී දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිගු ඇඳුම් ඇඳීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුව විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානය යොමුව තිබෙනවා. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 27ක්. ඉන් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර පාසල් සිසුන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ හේතුවෙන් පාසල් දරු දැරියන්ට අත් පා ආවරණය වන සුදුසු ඇඳුමක් ඇඳීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගත හැකි බවයි ඩෙංගු මර්දනය…
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් ආරාභි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙවැනි තරගය අයර්ලන්ත කණ්ඩායම සහා ඕමාන් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩනයේ මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව මෙම පත්වීම ලබන අගෝස්තු 01වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. රෝහිත බෝගොල්ලාගම මහතා මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනය සදහා වන තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුළු දෙකක් දැවී ලකුණු 28ක් රැස්කගෙන සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සදහා කඩුළු 08ක් දැවී ලකුණු 393ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්. ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම ඕස්ටේරලියානු පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් පසුවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222