Author: Anura Premakumara
දරුවන්ගෙන් සියයට 60 කට මන්ද පෝෂණය වැළදී ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු පැවසුවේ පවුලක මාසික වියදම ද රුපියල් 76, 000 ඉක්මවා ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා මේ බව අවධාරණය කළා. මෙ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අලුතින් ලක්ෂ 40 ක් දිළිදුභාවයට පත්ව ඇති බවට වාර්තාවක් මගින් අනාවරණය කර ඇති බවයි. මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පුබුදු ජයගොඩ මහතා.
කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ඉකුත්දා සිදු කෙරුණා. ඒ 90 කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් Grand Monarch හෝටල් පරිශ්‍රයේ ඉකුත් දා පැවැති සුහද හමුවේදීයි. ඒ අනුව කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පහත පරිදි වන අතර ඔවුන් ඉදිරි වසරක කාලය සඳහා එම තනතුරු හොබවනු ඇති. උපදේශක සභාවේ සභාපති : අර්ජුන ධර්මවංශ සභාපති : සුජීව මහගම ලේකම් : හර්ෂණ වේරගම භාණ්ඩාගාරික : චන්න කලන්සූරිය මාධ්‍ය ලේකම් : හේමන්ත කහවලගේ නියෝජ්‍ය සභාපති : චන්දිමාල් සෙනරත් සහකාර ලේකම් : රවී ලියනගේ කාරක සභාවේ සාමාජිකයින් …
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙම සැසිවාරය අද සිට ලබන මස 14 වන දා දක්වා පැවැත්වෙනු ඇති. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාචික ප්‍රකාශයක් ලබන 21 වන දා සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර සැසිවාරයේදී විවාදයක් සිදු නොකරන බව සදහන්. මේ අතර නිදහස ජනතා සභාවේ නියෝජිත, හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.
බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට යටින් ලා පැහැති දිග ඇඳුමක් ඇදීමට අවසර ලබා දී තිබෙනවා. ඩෙංගු රෝගයෙන් පාසැල් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම නව වැඩපිළිවෙල දිවයිනේ සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට ඩෙංගු – කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේදී යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 22,881 ක් වාර්තා වී ඇති බව සදහන්.
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගත් සියලු දෙනාගේ රැකියා ස්ථිර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා . ඔහු සඳහන් කළේ රජයේ සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ඔවුන්ට ලබාදෙන බවයි.
කුකුළු මස් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙඳුන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,450 ත් 1,500 ත් අතර මිලකට අලෙවි කරන බව වාර්තා වනවා . කෙසේ වෙතත්, තවත් ආහාර වර්ග ගණනාවක මිල ඉහළ යාම කෙරෙහි මෙය ද බලපා ඇති බැවින් ජනතාව තවත් පීඩාවට පත් වී සිටිනවා .
ලබන මාසයේ සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බවයි සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසුවේ. එහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා කියා සිටියේ කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවයි.
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල අද දිනට සටහන් වී ඇත්තේ රුපියල් 297.53ක් ලෙසයි. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 315.12ක් ලෙසයි.
කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා. බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව බස් රථ සේවකයින් චෝදනා කරනවා.
වෙළෙඳපොළ තුළ කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක් පවතින බව අනාවරණය වෙනවා. පොල් තෙල්වලට විෂ සහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වනවිට වෙළෙඳපොළේ පොල් තෙල් බෝතලයක් රුපියල් 500 ත් 550 ත් අතර මිලකට අලෙවි කෙරෙනවා. පොල් තෙල් මිලට වඩා වැඩි මිලකට විෂ සහිත පාම් තෙල් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද, පොල් තෙල්වලට පාම් තෙල් කලවම් කර පොල් තෙල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා. පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් මෙලෙස පොල් තෙල් මිල ඉහළ දැමීමේ උත්සාහයක නිරතවන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222