Author: Anura Premakumara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමු වී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාරය පිළිබඳවද එහිදී අදහස් හුවමාරු කරගත් බවයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

අද  අලුයම රඳාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ යුද හමුදා නිලධාරීන් 6දෙනෙක් සිට ඇති අතර ඉන් 5දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඉන් නිලධාරියෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවුණා. පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ගිරිතලේ කඳවුරට යමින් සිටිය දී එම අනතුර සිදුව තිබෙනවා.. බවුසර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

තව කියවන්​න

වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බවයි . පසුගිය දශකය තුළ කවුන්සිලයේ නියෝජිතයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසනවා . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් එම අදහස් පළ…

තව කියවන්​න

සිමෙන්ති සදහා අය කෙරෙන සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා . ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවයි එම අමාත්යංශය සදහන් කලේ . එමෙන්ම කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් ප්‍රකාශ කළා .

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවැනි තරගය නේපාල කණ්ඩායම සහ ඇමරිකානු කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතයි.

තව කියවන්​න

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුව ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අරණායක දික්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බැලීම සඳහා යන ලද සංචාරකයන් රැගත් සබ්මැරීනයක් අතුරුදන්ව තිබෙනවා. එම අවස්ථාවේ පුද්ගලයන් 05 දෙනෙකු එම සබ්මැරීනයේ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව එම සබ්මැරීනය සෙවීම සඳහා අත්ලන්තික් සාගරයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා. අඩි 12,500ක් ගැඹුරින් තිබෙන ටයිටැනික් නැවේ සුන්බුන් සෙවීම ඇතුළු දින 08ක සංචාරයක් සඳහා එම සංචාරකයෙකුට ඇමරිකානු ඩොලර් 250,000ක ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

ලබන වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ජනවාරි පළමුවන දා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනා ලබා දිය යුතු බවයි ඔහු පැවසුවේ. එමෙන්ම ලබන මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන බවට අමාත්‍යවරයා සදහන් කළා. මේ අතර ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

තව කියවන්​න

2023 ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන්වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 355ක් ලබාගැනීමට සමත් වූවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි පළමු පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 50 සීමාව ඉක්මවා යාමට සමත් වූවා. කුසල් මෙන්ඩිස් පන්දු 63කදී ලකුණු 78ක්ද සධීර සමරවික්‍රම පන්දු 64කදී ලකුණු 73ක්ද ලබාගැනීමට සමත් වූවා. ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිශ්ශංක ලකුණු 57ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 52ක්ද ලබාගැනීමට සමත් වූවා.…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අද පැවති වැඩසටහනකදී ඔහු මේ බව අවධාරණය කළා.

තව කියවන්​න