Author: Anura Premakumara

 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය , විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එය සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කරනවා. අග්නිදිග ආසියානු කළාපයේ පුළුල් බද සහිත  ගුවන් යානා අලුත්වැඩියා කිරීම , පූර්ණ නඩත්තු කිරීම් සහ ඒවා පරීක්ෂා කර වාර්තා සැපයීම සදහා යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය මගින් වරළත් නියෝජිතවරයෙකු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටිනවා .  එසේම මෙම වසර තුළ දී සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් එයා බස් ඒ.330…

තව කියවන්​න

මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා. ඒ අනුව  මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ ලේකම් තනතුර සදහා පූර්ණ කාලීනව වැඩ බැලීමේ පදනමෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා ද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා පත්වීම් ලබා ගත්තා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියකු වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකොන් මහත්මිය ද මෙහිදි සිය පත්වීම් ලිපි පළාත් ආණ්ඩුකාරවරයා අතින් ලබාගැනීම සිදුවුණා. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය…

තව කියවන්​න

පලස්තීනයට අයත් ප්‍රදේශයන්හි ඊශ්‍රායලය සිදු කරන නීති විරෝධී ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායලයේ නීතිවිරෝධී ජනාවාස ඉදිකිරීම්, ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් හා මතභේද ඉහළ යාමට හේතු වී ඇති බවටයි ජගත් සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ. ඒ හේතුවෙන් දැනට සිදු කරන ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටුවන ලෙසයි ඔහු ඊශ්‍රායලයට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

කුකුඵ මස් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ නැංවීමට වෙළදුන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව කුකුඵ මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1450 ත් 1500 ත් අතර මිලකට අලෙවි කරන බවටයි වාර්තා වන්නේ. මේ අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කුකුඵ මස් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතත වී ඇති බවයි. පාරිභෝගික අධිකාරිය විසින් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වමින් මේ සදහා කඩිනමින් පිළිතුරක් ලබා දීමට සූදානම් බවටයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ නියමු ව්‍යාපෘතියක් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කුකුඵ ගොවීන් වෙත කුකුඵ පැටවුන් බෙදා දීමට කටයුතු කරන බවද වෙළද…

තව කියවන්​න

මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ගත වූ මාස 6 ක කාලය තුළදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේ අනුව රිය අනතුරු බහුල වීම මූලික කරගනිමින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සියලුම පොලිස් ස්ථාන සහ රෝහල් එක්ව නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ආරම්භ කර ඇති විශේෂ වැටලීමේ ක්‍රියාවලිය එළඹෙන අගෝස්තු මස පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. බස්නාහිර පලාත තුළ සිදු කළ නියමු ව්‍යාපෘතියේදී…

තව කියවන්​න

පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජන කොමසාරිස්වරයාට 071 – 764 90 54 යන දුරකථන අංකය මගින් දැනුම් දිය හැකියි. එමෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ධම්මික එදිරිසූරිය මහතා හට 077 – 34 97 565 යන දුරකථන අංකය මගින් පොහොර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

තව කියවන්​න

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී අත් විලංගු ගලවා සිර මැදිරියට ඇතුළු කිරීමට සූදානම් වූ විට මෙලෙස පලාගොස් ඇති බව පොලීසිය පවසනවා. පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පළා ගිය සැකකරු ඇතුළුව තවත් සැකකරුවන් තිදෙනකු භාරව සිට ඇති බව සදහන්.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු මැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්. එමෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තද සුළං ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

තව කියවන්​න

ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, රෝහල්, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීම මෙහි මූලික පරමාර්ථය බවයි. මේ අතර බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව ඇඳුමක් ඇඳීමට අවසර හිමි වී තිබෙනවා. පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා පැවසුවේ ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි. ඒ අනුව, ලා පැහැති, දිග ඇඳුමක්, නිල ඇඳුමට යටින් ඇඳීමට අවසර හිමිවන බව ඔහු ප්‍රකාශ කළේ. මේ වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,200 ක් බව සදහන්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ…

තව කියවන්​න

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අදයි. ඊයේ රාත්‍රියේ පෙරහැර මංගල්‍ය ආරම්භ වූ අතර එය ලබන මස 4 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මේ අතර යාපනයේ සිට සෙල්ල කතරගම දක්වා වාර්ෂිකව සිදු කරන පාද යාත්‍රාව සදහා සහභාගී වන බැතිමතුන්ට කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැළසීමට නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බැතිමතුන්ට වෛද්‍ය පහසුකම්, ජීවිතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙනු ඇති.

තව කියවන්​න