Author: Anura Premakumara

හෝමාගම – නියඳගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දී නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 46ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. වෙඩිතැබීම සිදු කර පළා ගිය පුද්ගලයන් සොය හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය සදහන් කළා.

තව කියවන්​න

අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. 2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම මහතාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළා.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඊ.ටී.එෆ් හෝ ඊ.පී.එෆ් අරමුදල් සදහා කිසිදු හානියක් සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ පළ කළ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

එක්දික ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක් කැඳවා තිබෙනවා. ඒ අනුව දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංක මෙලෙස අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. ඔවුන් අද දිනයේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි. මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල කණ්ඩායම සමත් වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී පැවති පළමු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරදා කඩුළු 06න් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණේ. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන්…

තව කියවන්​න

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන පරීක්ෂාවට ලක් කෙරේන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. අඟහරුවාදා දින කර්මාන්ත ශාලා, බදාදා ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, පරික්ෂාවට ලක් කෙරෙනු ඇති. එමෙන්ම බ්‍රහස්පතින්දා පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කිරීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයන්ට එළැඹ…

තව කියවන්​න

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම දුරකථන අංකය ලෙස 1997 ප්‍රකාශයට පත් කර තිබෙනවා . 1997 කෙටි දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ , මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ .

තව කියවන්​න

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඇමරිකානු එක්සත් රාජධානියේ හෙල්පින් ලංකා ආයතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එය ප්‍රදානය කෙරුනා. මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දීමටයි කටයුතු කෙරුණේ. ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වනවා. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ලැබෙන ඖෂධ රේගුවෙන් නිදහස් කරගැනීමට ගත වන කාලය අඩු කර ගැනීමට කටයුතු කරන බවයි. එහිදී ආධාර වශයෙන් ලැබෙන ඖෂධ සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු පැවසුවා. මෙරට ඇමරිකානු…

තව කියවන්​න

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතා බහ ඇති වුනා. මේ අතර වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දුෂණ විරෝධී පනත සඳහා කිසිඳු මහජන නියෝජිතයෙකු විරෝධතාවය පළ නොකරනු ඇති බවයි. එමෙන්ම දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව, සමගි ජන බලවේගය පවසනවා. ඒ, සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඬුවම් දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙන් . සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, එවැනි හේතු…

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා. අද විකිණුම් මිල  රුපියල් 314යි ශත 38ක් ලෙස සටහන් වුණා. ඩොලරයක ගැණුම් මිල සටහන් වුයේ රුපියල් 297.28 ක් ලෙසයි

තව කියවන්​න

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. 2023 – 25 ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරග දෙක පැවැත්වෙනවා. එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ජූලි 20 වනදා ද දෙවැනි තරගය ජූලි 28 වනදා ද ආරම්භ වෙනවා. පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජූලි 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

තව කියවන්​න