- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Anura Premakumara
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල තුල අලුතෙන් ඉදිකරණු ලැබු ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනිමට නොහැකි තත්වයක් උදාවි තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු පමණයි. වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේ දි ගැටළු ඇතිවි තිබෙන අතර මෙම තත්වය නිසා රෝගින්ද දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්. රංග මහතා පැවසුවේ…
පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගර ගත කර තිබෙනවා. උන්වහන්සේ ලබන 5වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය අද නියෝග කලේ. ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එල්ලවූ චෝදනා මත උන්වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබුනා.
චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කරනවා. කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු එසේ පවසා තිබුුුණේ. ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසු වීවයි. එම හමුව පැවැත්වුණේ ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටලු නිරාකරණය සඳහා ය. ඒ සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුන් දෙදෙනා එකඟ වූූ. බයිඩන් ගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් විශේෂයෙන්ම මෙම තීරණය ගන්නා බව ඔහු පැවසුුුවා. දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් ආරම්භ කරන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
බෲනෝ දිවාකරට ඇප නිදහස් කිරීම කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර ඇයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබුණා.
කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකි වූ බව වාර්තා පළ වුණා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් ඇති වන බවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අදහස් පළ කළා.
ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව ආශ්‍රිතව පැතිර යන කෘමි හානිය මැඩ පැවැත්වීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස් 5000 කට පමණ මේ වන විට මෙම කෘමි හානිය පැතිර ඇති බවයි.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙරටදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීමට නියමිතයි. ඊට අදාළ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා. තරග 2 කින් සමන්විත තරගාවලිය ජූලි 16 වන දා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම 2 වන සහ අවසන් තරගය ජූලි 24 වන දා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති. මෙම සංචාරය සදහා පාකිස්ථාන කණ්ඩායම ලබන මස 9 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙම ටෙස්ට් තරගාවලිය 2023/2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුලත් වනවා.
පාන් මිල රුපියල් 10 කින් අඩු කළද පාන් අලෙවිය ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා. එමෙන්ම තිරිගු පිටි මිල සහ ගෑස් මිල පහළ දැමුවද බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය මිල පහළ දමා නොමැති බව බේකරි හිමියන් පෙන්වා දෙනවා. මේ අතර කොළඹ ප්‍රදේශයේ බේකරි හිමියන්ට සහන මිලකට ලබාදෙන බිත්තර හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන්ට ද ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. එම පනත් කෙටුම්පත පිළිබදව පසුගිය දා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතාබහක් ද ඇති වුණා. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. ඒ, සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඩුවම් ලබා දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙන්. මේ අතර දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. එමෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අතර නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222