- ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
- එක්සත් අරාබියෙන් සත්වෝද්‍යානයට සතුන් 10ක්
- ඩුබායි පැන්න කොස්තාපල්ගේ වැඩ තහනම්
- අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
Author: Anura Premakumara
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි පොලීසිය සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය නේපාල කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවැනි තරගය නෙදර්ලන්ත කණ්ඩායම සහ ඇමරිතා කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමට නියමිතයි.
වලස්මුල්ල, යහලමුල්ල ප්‍රදේශයේදී පොලිස් සැරයන් වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබම සිදු කළ පුද්ගලයාගේ නිවස අසලින් තුවාල ලැබූ පුද්ගලයන්ගේ නිවෙස් වලට ජලය සැපයීමේ ජල නල එළීමට යාමේදී ඇති වූ ආරවුලක් මත බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, මෙම පොලිස් සැරයන්වරයා අසනීප නිවාඩුමත සිට ඇති බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනා 28 සහ 65 වයස් වල පසුවන අතර, අනෙත් දෙදෙනා 41 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 06 දියණිය වන බවට අනාවරණය වී තිබෙනවා. වෙඩි තැබීමෙන් පසු සැරයන්වරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව…
මුහුදු මාර්ගෙයන් ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ මුහුදු හක්බෙල්ලන් 3600 ක් ගබඩා කර ගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය – මන්නාරම් ප්‍රදේශයේදී මෙම සැකකරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මුහුදු හක් බෙල්ලන් තොගයද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ අනුව ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක් එහි කාර්යය සාධන අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස අමාත්‍යවරුන් පත් කිරීමට තීරණය කර ඇති බව සදහන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂය අතර පසුගිය සති කිහිපය තුළදී කැබිනට් සංශෝධනයක් පිළිබදව සාකච්ඡා පැවැත්වුනද එය ප්‍රමාද වීමට එකම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධූර ඉල්ලීම බවටයි වාර්තා වන්නේ.
ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සදහා ගොස් අනතුරට පත් ටයිටන් නැමැති සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබී ඇති බව එරට සහන කණ්ඩායම් පවසනවා. ඔවුන් පවසන්නේ සෑම පැය 4 කට වරක් යම් හඬක් මුහුදු පත්ලෙන් ශ්‍රවණය වන බවයි. ලෝකප්‍රකට ටයිටැනික් නෞකාව ගවේෂණය සදහා ගමන් කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරිනයක් මගීන් 5 දෙනෙකු සමග අතුරුදන් වුණේ පසුගිය සති අන්තයේදියි. එතැන් සිට අදාළ සබ්මැරිනය සෙවීම සදහා ඇමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. මෙලෙස අනතුරට පත් සබ්මැරිනය තුළ එහි නිෂ්පාදන සමාගමේ විධායක නිලධාරිවරයා මෙන්ම ධනවත් ගවේෂකයින් පිරිසක් ද සිර වී සිටින බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කිලෝ දස දහසකට වැඩි බරකින් යුත් ටයිටන් සබ්මැරිනය…
කතරගම වන්දනාවක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අම්පාර සමන්තුරේ ප්‍රදේශයේදී අද සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ. කතරගම පෙරහැර නැරඹීමට ගොස් ආපසු මඩකලපුව බලා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වී එය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
මෙම වසරේ මැයි මාසය සදහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 අප්‍රේල් මාසයේදී සියයට 33.6 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මෙම වර්ෂයේ මැයි මාසයේදී සියයට 22.1 කින් පහත වැටී ඇති බවයි. ආහාර කාණ්ඩය සැලකු විට මාඵ, එළවඵ, සීනි, කුකුල් මස් ඇතුඵ මයිසූර් පරිප්පු, අර්තාපල්, බී `ඵණු වැනි ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එමෙන්ම මිරිස් කුඩු, පළතුරු, කිරිපිටි මෙන්ම සහල්, පොල්තෙල් ආදි ආහාර ද්‍රව්‍යවල ද යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව…
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මේ සතියේ සහ එළඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා . එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් මෙම මර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි. මෙම මස මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 7069 දෙනෙකු වාර්තා වී ඇතැයි, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා . ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,473 ක්. දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 67 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්වයේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියා .…
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222