Author: Anura Premakumara
කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය දිනක යාපනයේ දී පවත්වා තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ එම දිස්ත්‍රික්කය තුළ වගා කරන ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක මුදලක් උපයා ගැනීමට යාපනයේ ගොවීන්ට හැකියාව ලැබී ඇති බවයි. ඉදිරි වසර තුන තුළ එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා සඳහන් කළා. එමෙන්ම ඔහු පැවසුවේ උතුරු පළාතේ ඉඩම් අක්කර 8000 ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාරතුමියගේ ද උපදෙස් ලැබී ඇති බවයි.…
මේ වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්. ඒ අනුව වෙඩි තැබීමේ සිදුවීම් 40 ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ වැඩිම වෙඩි තැබීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. මේ අතර දකුණු සහ බස්නාහිර පළාත්වල සිදු වූ සිදු වීම් සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරින්ට ද දන්වා තිබෙනවා.
චීනයේ වයඹ දිග යෙන් චුන් ප්‍රාන්තයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි අනතුරක් හේතුවෙනුයි මෙලෙස විශාල පිරිසක් මියගොස් ඇත්තේ. මේ පිළිබදව චීන ජනාධිපති ෂී ජින් පින් නියෝග කළේ එවැනි ස්ථාන සඳහා දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් සහ පවතින ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන ලෙසයි .
රට තුළ නිසි පාලනයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින අපරාධ ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රට පුරා මත්ද්‍රව්‍ය උවදුර පැතිර යමින් පවතින බවත් පාතාලය යළිත් හිස ඔසවමින් ඇති බවටත් ඒ මහතා කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා.
කටුනායක ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා . වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය දා ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා තිබු බවයි. රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබා දුන් ණය මුදල් නවතා දැමුණා .
මාර්ග අංක 174 සහ 255 මාර්ගවල පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා. බොරැල්ල – කොට්ටාව සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ග සදහා අධි සුඛෝපභෝගි බස් රථයක් එක් කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 20 වන දා සිට මෙම වර්ජනය ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් අද උදෑසන සිට වර්ජනය අවසන් කරමින් නියමිත කාලසටහනට අනුව ඔවුන් බස් රථ ධාවනයේ යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි. ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලය පසුගිය 16 වැනි දායින් අවසන් වනවා . කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නිසි පරිදි සිදුව නැති බවට වාර්තා වී ඇති බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවා . මේ අතර රටේ ආර්ථීක තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා පළවන බැවින් මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් යළිත් මුදල් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසා…
හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව හැටන් ලංගම බස් නැවතුම්පොලේ ගාල්කර තිබූ බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අදාළ බස් රථය අද(22) පෙරවරුවේ හැටන් සිට කොළඹ දක්වා ධාවනය නියමිතව මගීන් සහිතව ගාල් කර තිබියදී පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා. මෙලෙස ධාවනයන් ඉවත් කරනු ලැබුවේ හැටන් ලංගම ඩිපෝවට අයත් NC-2022 දරණ බස් රථයයි. එලෙස එම බස් රථය ධාවනයෙන් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ අදාළ බස් රථයේ ඉදිරිපස වම් පස ප්‍රධාන විදුරුව නොමැතිවීමයි.
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබෙනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකියි. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති බව සදහන්. එම සංගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බව ද එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.
නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අය කරන දඩය ඉහළ දමා තිබෙනවා. එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222