Author: Anura Premakumara
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමුකරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේ.
එලඹෙන සෙනසුරාදා දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වෙනවා. ඒ අනුව පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව කොලඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.
යාපනය අල්ලෙයිපිඩ්ඩි රන්දම් ප්‍රදේශයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස් කීපයක් හමු වී තිබෙනවා. ඉඩමක ගෙපලක් කැපීමට සූදානම් වූ පුද්ගලයෙකුට මෙම මිනිස් ඇටසැකිල්ලක කොටස් හමු වීමෙන් පසුව ඔහු ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පොලීසිය එම ස්ථානය සුරක්ෂිත කොට මහජනයාට ඇතුළුවීමට තහනම් ප්‍රදේශයක් බවට පත් කොට අධිකරණයට තොරතුරු ඉදිරිපත් කොට ඇති බව සඳහන්. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණයෙන් පොලීසියට නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනුව යාපනය පොලිසිය එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එමෙන්ම ජනතාවගේ ආයු අපේක්ෂාවද පහළ ගොස් ඇති බවයි එම සමීක්ෂණය මගින් හෙළිව ඈත්තේ. එම සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට අමතරව සැම්බියාව සහ ගානා යන රටවල් ද මෙලෙස ඉහළ ළදරු මරණ අනුපාතයක් ඇති රටවල් අතරට ගැනෙනවා. එම රටවල පවතින දැඩි ණය බර මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් අදාළ රටවල් දැඩි අපහසුතාවට පත්වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වර්තමානයේදී සහල් කිලෝවක් රුපියල් 125 ත් 130 ත් අතර මිලකට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර වී කිලෝවක් රුපියල් 130 කට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් වළකින ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිලිබඳ ගොවීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ද අද සිට ආරම්භ කෙරුණා. ඒ පිළිබඳව අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කලේ මාධ්‍ය තුළ ප්‍රචාරය වන ආකාරයට ගොවීන්ට ගැටළු නොමැති බවයි. ඇතැම් පක්ෂ සාමාජිකයින් විසින් ගොවි සංවිධාන ඇති කරගනිමින් කෘෂි කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ විවිධ මත ඇති කරන බවයි ඒ…
සිම්බාබ්වේ දේශයේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගින්නක් හටගෙන තිබෙනවා. එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන්නේ මෙම ක්‍රීඩාංගනයේයි. ගින්න හටගෙන ඇත්තේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් තුල වීම හේතුවෙන් එහි පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීමට බාධාවක් නොවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ. කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.
බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා යමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි තඹුත්තේගම පොලිසිය සඳහන් කළේ. එම බඹර ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්වයට පත් වු එම නිලධාරීන් තිදෙනා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම් අඩුවීම හේතුවෙන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙනවා එමෙන්ම, පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින බවයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ඩී.එන්.සිල්වා මහතා කියා සිටියේ.
අද දිනයේදීත් පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුක්තව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කිරීම සදහා වෙන් කරනු ලැබුවා. ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ජාතිය අමතා සිදු කළ කථාව පිළිබදව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ අනුව අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට පුරා පවතින ඖෂධ හිගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටියා. මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය…
යුද හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ බස් රථයක යතුරු පැදියක් ගැටීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. දැරිය සිය මව සමග යතුරු පැදියේ යමින් සිටියදී බණ්ඩාරගම පොලිසිය ආසන්නයේදී මෙම අනතුර සිදු වී ඇති බව සදහන්. එමෙන්ම දඹගල්ල, මඩුල්ල ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සැණකෙළි භූමියක මාරක ලිදේ පඩිපෙළ නගිමින් සිටි අවුරුද්දක් වයසැති දරුවෙකු බිම ඇද වැටීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. දරුවාගේ පියා සැණකෙලි භූමියේ සේවය කරන පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර අඵත උපන් බිළිදෙකු කසල ගොඩකට දමා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222