Author: Anura Premakumara
පාර්ලිමේන්තුව්දී පසුගිය සතියේ විවාදයට ගෙන සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ආදායම් සහ වියදම් පිළිබඳව ස්වාධීන පක්ෂග්‍රාහී නොවන ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණයක් හා දැක්මක් සහිතව රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට සිය රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමට සහාය වීම මෙන්ම යම් පිළිගත් දේශපාලන පක්ෂයකට සහ යම් ස්වාධීන කණ්ඩායමට සහාය වීමත් අරමුණු කරගනිමින් මෙම අයවැය කාර්යාලය පිහිටුවීමටයි කටයුතු කළේ. මීට අමතරව පසුගියදා සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතටද කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා. මේ අනුව 2023 අංක 6 දරන අයවැය කාර්යාලය පනත සහ 2023 අංක 7…
රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාර දෙකකින් යුක්රේනයේ අවහන්හලකට දැඩි හානි සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 40ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාර හමුවේ අවහන්හල පිහිටි ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර, තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිටින බව සදහන්. ඒ අනුව එම පිරිස කඩිනමින් මුදා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඊයේ පැවති පළමු තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 82න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 245ක්. එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 29ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 163ක් පමණයි. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 41ට කඩුළු 3ක් සහ වනිදු හසරංග ලකුණු 42ට කඩුළු 02ක් බිඳ හෙළීමට සමත් වුණා. මේ…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන සහ ජනතා සහය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. යෝජිත ණය ප්‍රතිව්‍යුහගතරණ සැලැස්ම අවසන් වශයෙන් සකස් වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙසද වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන සහ සෙසු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.
විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අතීතයේ ගෙවා ඇති විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද , කිසිදු ආකාරයක බලපෑමක් නොමැති බවයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයටද බලපෑමක් එල්ල නොවන බව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන සංකීර්ණය විවෘත කරමින් ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කලා. රටේ මිලියන 50 කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිදු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නොමැති…
මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. හජ් උත්සව දිනය හෙටට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් 30වැනි සිකුරාදා සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08 සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බවද අධ්‍යාපන අමත්‍යංශය වැඩිදුරටත් සදහන් කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම අනිද්දා දක්වා කල් දමා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ අනිද්දා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඒම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිනයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරයෙකු ලෙස සංචාරක අමාතය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ 2023 සිට 2025 දක්වා වූ කාලය සඳහායි. මෙම සංවිධානයේ උප සභාපතිවරුන් දෙදෙනෙකු පත් කෙරෙන අතර ඉන් එක් තනතුරක් සඳහායි අමාත්‍යවරයා පත් කර තිබෙන්නේ.
රට මුහුණ දී සිටින ණය අර්බුද විසදීමට පුඵල් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදීම සදහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන තත්ත්වයට ඉතා සාර්ථකව මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර තිබෙනවා.
මුහුදු පතුලට ලගා වී මතුපිටට ඡායාරූප සම්ප්‍රේශණය කළ හැකි ප්‍රංශයට අයත් යාත්‍රාවක් අතුරුදන් වූ සබ්මැරිනය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලාපයට පිටත් කර හැර තිබෙනවා. “වික්ටර් 6000” ලෙස සැලකෙන යාත්‍රාව සතුව සුන්බුන් කැපිමේ හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් උපමාරු කළ හැකි යාන්ත්‍රික අවි දෙකක් ද ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම “වික්ටර් 6000” යාත්‍රාවට දැනට අත්ලන්තික් සාගරයේ සැරිසරන ඕනෑම යාත්‍රාවකට වඩා විශාල ගැඹුරකට ළඟා විය හැකි බව ද සදහන්. මුහුදු මට්ටමේ සිට අඩි 12,500 ක් පමණ පහළින් පිහිටා ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් තුළ අතුරුදන් වූ සබ්මැරිනය සිර වී ඇත්නම් ඊට සහාය විය හැකි ලෝහ කැපීමට මෙන්ම චලනය කළ හැකි කෘතිම අතක්ද මෙම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222