Author: Anura Premakumara

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. ඉරානය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය රැස් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ගත් තීරණ මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර 300ට අධික ප්‍රමාණයක් එල්ල කර තිබුණා.

තව කියවන්​න

ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය තිබෙනවා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව ලොකු ලූනු මෙටි්‍රක් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබෙනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 30 වැනි තරඟයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 287ක් රැස් කළා. මෙය අයි.පී.එල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු වන අතර, විස්සයි විස්ස ඉතිහාසයේ තරඟයකදී කණ්ඩායමත් රැස් කළ දෙවන ඉහළම ලකුණු ලෙසයි වාර්තා පොත් අතරට එක් වුණේ. මීට පෙර අයි.පී.එල් තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියන ලැබුවේද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. මෙවර තරඟාවලියේදී 08 වැනි තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුළු 03ක්…

තව කියවන්​න

අලුත් අවුරුදු කාලසීමාව තුළ හදිසි අනතුරු හේතුවෙන් දිනකට රෝහල්ගත වූ රෝගීන් ප්‍රමාණය සියයට 50කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසනවා. එහිදී ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් හදිසි අනතුරු අංශය සඳහා දිනකට රෝගීන් තුන්සීයක් පමණ රෝහල්ගත වන බවත් මෙවර 13 සහ 14 යන දෙදින තුළදී රෝගීන් 160ත් -165ත් අතර ප්‍රමාණයක් හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවයි. මෙහිදී නිවෙස් තුළ වැටීම්, රිය අනතුරු, ක්‍රීඩා අනතුරු සහ ගිණිකෙළි හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හදිසි අනතුරු ඒකකයට රෝගීන් ඇතුළත් වන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ගිනිකෙළි හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන්ම මෙම වර්ෂයේත් තිදෙනෙකු රෝහල්…

තව කියවන්​න

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද දිනයෙන් අවසන් වනවා. ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 17 වන දා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

මධ්‍යම තැපැල් හුවමාරුවට ඉතිහාසයේ වැඩිම භාණ්ඩ තොගය ලැබුණු වසර මෙම වසර බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ඉන් තහවුරු වන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

තව කියවන්​න

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද දිනයේදී බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද දහවල් 12.11ට තඹුත්තේගම, මැදිරිගිරිය, ඉහළ පුලියන්කුලම, රාජාංගනය, එප්පාවල සහ වාකරේ යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

තව කියවන්​න

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී පාසලක් තුළ සිසුන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ දෙමව්පියන්ට වසර 10 සිරදඬුවමක් නියම කර තිබෙනවා. වෙඩි තැබීම වැලැක්වීමට කටයුතු නොකිරීම සහ වෙඩි තැබීම සඳහා සිය ගිනි අවිය භාවිතා කිරීම යන චෝදනා මෙම දෙමව්පියන්ට එල්ල වීම මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම වෙඩි තැබීම 2021 වසරේදී සිදු කළ අතර, එහිදී පාසල් සිසුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගුරුවරයෙකු ඇතුළු 7 දෙනෙකු තුවාල ලැබුවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 23 වැනි තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 182ක් රැස් කළා. එහිදී නිතීෂ් කුමාර් රෙඩ්ඩි පන්දු 37දී ලකුණු 64ක් රැස් කිරීමටයි සමත් වුණේ. පන්දු යැවීමේදී අර්ශදීප් සිං ලකුණු 29ට කඩුළු 4ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂශන්ක් සිං පන්දු 25දී නොදැවී ලකුණු 46ක් රැස්…

තව කියවන්​න