Author: Anura Premakumara

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල නිදහස් කර ගැනීම සදහා පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළ දමා තිබෙනවා. පාකිස්ථාන මුදලින් රුපියල් බිලියන 215 ක බදු ආදායමක් උපයා ගැනීමේ යෝජනාව ඇතුඵ යෝජනා රැසක් මෙවර අයවැයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. අයවැයෙන් බදු ඉහළ දැමීම පාකිස්ථානයට ණය මුදල් නිදහස් කිරීමේ ප්‍රධානතම කොන්දේසියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. නව බදු පැනවීමට අනුව රුපියල් බිලියන 70 ක් පොහොර බද්දෙන් ලබා ගැනීමට නියමිතයි. රුපියල් ලක්ෂ 2 කට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් රුපියල් බිලියන 30 ක් බදු වශයෙන් අය කර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා. මීට අමතරව රුපියල් බිලියන 85 කින් රජයේ වියදම් කපා හැරීමට…

තව කියවන්​න

ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද එළිදක්වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන ප්‍රදේශ නිරීක්ෂණය කර ඒ සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවයි. ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 48,246 ක් වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවද ඔහු පැවසුවා.

තව කියවන්​න

ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සදහන්. මේ අතර ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් සිදු වනු ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව – මැදිරිගිරිය ජාතික පාසලේ පැවති උත්සවයකදී.

තව කියවන්​න

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද අලුයම 4 ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බවයි. මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළ ඕස්ටේ‍රලියා කණ්ඩායම මේ වන විට තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙක් බවයි පොලීසිය සදහන් කළේ. නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩත්වත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 09ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 28ට සීමා කිරීමට තරග තීරකයන් තීරණ කරනු ලැබුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 28 අවසානයේ කඩුළු 05ක් දැවී කලුණු 170ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

සමනලවැව, රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 66ත් අතර වයස්වල පසුවන බලංගොඩ, හපුතලේ, ඕපනායක, වැලිගේපොල, බෙලිහුල්ඔය, වේවැල්වත්ත, වැලිමඩ, පින්නවල සහ කල්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

රුපියල් දස කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රත්‍රන් ජෙල් තොගයක් සමග මෙරට ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්‍රන් ජෙල් විශාල කරල් 15ක් ලෙස සකස් කර , ඒවා සිය ගුද මාර්ග වල සගවා ගනිමින් මෙම ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන සිටි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ. මෙම ව්‍යාපාරිකයන් කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන පුද්ගලයන් බවටයි අනාවරනය වී ඇත්තේ. ඊයේ පස්වරු 01.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත මොවුන් පැමිණ තිබුණා. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මතයි…

තව කියවන්​න