Author: Anura Premakumara

ජුලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලිපියක් මගින් ඒ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතයි. ලබන සෙනසුරාදා 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව දන්වමින් කතානායකවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර තිබුණා.

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලබන සිකුරාදා අවසන් තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබද මහජන අදහස් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. ලබන ජුලි පළමුවනදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා. ඒ අනුවයි මේ පිළිබද මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කළේ. මහජන උපයෝගිතා කොමිස අනිද්දා රැස්වීමට නියමිතව තිබෙනවා. මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සභාපති ධුරයට පත්වීමෙන් පසුව මහජන උපයෝගිතා කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

තව කියවන්​න

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා. අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ අද පස්වරු 2.00 ට පමණ එම මාර්ගයේ දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බවයි. එමෙන්ම, සවස් කාලයේ ධාවනය වන කාර්යාලීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය කෙරෙන බවයි පොල්වත්තගේ මහතා සඳහන් කලේ. කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රිය බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ පීලි පැනීමකට ලක් වුනා. එයට හේතුව මත්ද්‍රව්‍ය සඳහා අධික ලෙස ඇබ්බැහි වී ඇති පුද්ලයින් දුම්රිය පිලි සම්බන්ධිතයන් ගලවා ඉවත් කිරීම බවයි වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ.

තව කියවන්​න

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවයි මෙලෙස පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර ඇත්තේ. මහ නගර සභා ආඥා පනත , මහ නගර සභා සංශෝධන පනත හා ප්‍රදේශීය සභා පනත යන පනත්වලට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරිම මෙම පනත් කෙටුම්පතින් සිදු කෙරෙනු ඇති. පසුගිය 26 වන දා අදාල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. මේ අතර අධිකරණයකට, විනිශ්ච අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් යෝජිත නීති ඇතුළත් නව පනත් කෙටුම්පත ද අධිකරණ අමාත්‍යරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තව කියවන්​න

ආසාත්මිකතාවක් හේතුවෙන් මහ ඔය – නිලොබ මහා විද්‍යාලයේ සිසුන් 45 ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. රජය මගින් ලබාදෙන උදෑසන ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට මෙම ආසාත්මිකතාවය හට ගෙන ඇති බව සඳහන් . ආසාත්මිකතාවට ලක් වූ දරුවන් ප්‍රතිකාර සඳහා මහඔය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

තව කියවන්​න

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කදුකර කොටියෙකුගේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුවා. තේ වත්තේ දුගන්ධයක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කල දැනුම් දිමක් මත වතු කම්කරුවන් තේ වත්තේ සිදු කල සොදිසි මෙහෙයුමකදි අභිරහස් ලෙස මියගොස් සිටි කදුකර කොටි පැටවාගේ සිරුර සොයාගත් බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ. මියගොස් සිටි කදුකර කොටි පැටවා පිරිමි සතෙකු බවත් කොටින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් කොටියෙකු මිය යන්නට ඇති බවයි වාර්තාවන්නේ. කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර  සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු…

තව කියවන්​න

කිලිනොච්චි උදයනගර් ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙ‌නෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසනවා.

තව කියවන්​න

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කර තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත නොකිරීම හේතුවෙන් ලක්ෂ 6 ක් පමණ වන එම පිරිසට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ එකගතාවය සමග එම පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. මේ සම්බන්ධ වාර්තාවක් ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අදාළ අමාත්‍යවරුන්ට පිරිනැමීමට ද නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක් පවතින බව ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා. එහි ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා පැවසුවේ රජය මුදල් ඉතිරි කරගැනීමේ අරමුණින් මෙම පාසල් වසා දැමීමට සූදානම් වන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට සිට ආරම්භ වනවා. සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි. සුපිරි 6 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි. සුපිරි 6 දෙනාගේ වටය හෙට ආරම්භ වන නමුත් මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි…

තව කියවන්​න