Author: Anura Premakumara

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව රාජ්‍ය ආයතන කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා. එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මෙම ආයතන කැදවා ඇති බවයි. එමෙන්ම නීතිපතිවරයා සහ විගනකාධිපතිවරයා ඇතුලු බැංකු, අර්තසාදත අරමුදල මෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජනය කරන නිලධාරීන්ද අද සහ හෙට යන දෙදින තුළ මුදල් කාරක සභව හමුවට කැදවා තිබෙනවා. මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

තව කියවන්​න

මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ ඒ පිළිබද අදාළ සමාගම් සමග ද සාකච්ඡා කළ බවයි. එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක මුදලක් රජයට අයවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදි දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිව තිබුණා. ඉන් පසුවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුව ආරම්භ කෙරුණේ. මෙහිදී දේශිය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙල පිළිබද මන්ත්‍රිවරුන් දැනුවත් කර තිබෙනවා. එමෙන්ම මේ වන විට රටතුල දැඩි ආන්දෝලනයට ලක්ව ඇති අස්වැසුම වැඩසටහන පිළිබදව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබුණා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්…

තව කියවන්​න

මේ වසරේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. අති දුෂ්කර කාල පරිච්ජේදයක නැවුම් අපෙක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක හජ් උත්සවය එළඹීම කවරදාටත් වඩා සුවිශේෂි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. දුකෙහි ගැලී සිටින ජනයා එම දුෂ්කරතාවයෙන් මුදා ගැනීමට අපේක්ෂාවකින් තොරව ඉදිරිපත් වීම සහ ඊට විසදුම් සෙවීමේ මානුෂිය මෙහෙවරක නිරතවීමේ අගය , තෘප්තිය හජ් උත්සවයෙන් පිළිඹිගු වන බව ද ජනාධිපතිවරයා සදහන් කළා. මේ අතර මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ට බැඳීම විචිත්‍ර ආකාරයෙන් පිළිබිඹු කෙරෙන උත්සවයක් ලෙස මේ හජ් උත්සවය සැලකිය හැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා…

තව කියවන්​න

ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය සම්පුර්ණයෙන් බිද වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි වෛද්‍යවරුන් පැවසුවේ අදාළ ගැටළුවට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි. මේ, අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා.

තව කියවන්​න

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ. ගුවන් හමුදාපති ධුරයට පත්වීමට පෙර ඔහු ගුවන් හමුදාවේ දෙවනියා ලෙස කටයුතු කළා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන උදේනි රාජපක්ෂ මහතා එම විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසයි සැලකෙන්නේ.

තව කියවන්​න

රූපවාහිනි නාලිකා මගින් විකාශය වන චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 4 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය සමාජීය ගැටුළුවකට තුඩුදෙන කරුණක් බැවින් එවැනි චිත්‍රපට ප්‍රර්ශනය සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගනු ඇති. අදාළ චිත්‍රපට රූපවාහිනි නාලික මගින් විකාශය වීම මගින් සමාජය තුළ ප්‍රචන්ඩත්වය ඉහළ යාමට හේතුවී ඇති බවයි විද්වතුන්ගේ මතය වන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවරජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී සහ ජනමාධ්‍ය අමාත්‍යංශීය උපදේශක කාරක සභා රැස්වීමේදී ද අවධානය යොමු කර තිබුණා.

තව කියවන්​න

රුසියානු ගුවන් හමුදාව බෝල්ටික් මුහුදු කලාපයේ විශේෂ ගුවන් අභ්‍යාසයක නිරතව තිබෙනවා. සුබෝයි 27 වර්ගයේ ප්‍රහාරක යානා මෙම ගුවන් අභ්‍යාසය සදහා යොදා ගෙන තිබුණා. සතුරු පාර්ශවයක් සමග ගැටුමකට පවතින සුදානම විමසා බැලීම සදහායි මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ගුවන් අභ්‍යාසය පැවති ප්‍රදේශය පිළිබද නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර යුක්රේනයේ ජනාකීර්ණ නගරයක අවන්හලක් ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පිළිබද වීඩියෝවක්ති බෙනවා. අයි.සී.සී ය සිය නිල ෆේස්බුක් ගිණුමටයි අදාළ වීඩියෝව එක්කර ඇත්තේ. එහි නම් කර ඇත්තේ සියලුම පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිදු හසරංග යන්නයි.

තව කියවන්​න

සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ. මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසු වුනා. අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ඨ ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස් මහතායි.

තව කියවන්​න