Author: Anura Premakumara

රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි . ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉදිරියේ දී මිල සංශෝධනයක් කරන්න අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවයි . ඉදිරියේදී ලැබෙන තොග සහ ඩොලරයේ අගය මත මිල සංශෝධනය සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසනවා .

තව කියවන්​න

ශ්‍රි ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2023 ජුනි මස 30 වන දින සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වන ගුවන් හමුදාධිපති ලෙස ජනාධිපති තුමන් විසින් පත් කර තිබෙනවා. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ගමිපහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය අවසන් කර අති අතර ද්විතික අධ්‍යාපනය සදහා කොළඔ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව කිර්තිමත් ශිෂයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බව සඳහන්. 1988 වසරේ දි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බදවාගැනීමේ කණ්ඩායමට ඇතුලත් වූ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 1990 වසරේ ඔක්තොම්බර් මස…

තව කියවන්​න

එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ටේ‍රලියාව පන්දුවාර 83ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 339ක් රැස් කරගෙන සිටියා. ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් සහ ඇලෙක්ෂ් කේරි ලකුණු 11ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

තව කියවන්​න

දුරකථනයෙන් බැන මරණ තර්ජනය කරමින් කප්පම් ලබා ගත් සහ ඊට අනුබලදුන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු බෙලිඅත්ත, තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ලැබී තිබු පැමිණිලි 05ක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරියන් අවරුදු 25, 33 සහ 65 යන වයස් වල පසුවන තංගල්ල, ගාල්ල හා බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් අවුරුදු 26 සහ 30 යන වයස්වල පසුවන සූරියවැව සහ තංගල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා. මෙම පුද්ගලයන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට…

තව කියවන්​න

පානදුර, සමගි මාවත, සරිකමුල්ල ප්‍රදේශයේදී පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව, කූඨ ලේකන උපයෝගී කරගනිමින් වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන දෙමටගොඩ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

කැනඩාවේ හටගෙන තිබෙන ලැව්ගිනි හේතුවෙන් මේ දක්වා වර්ග කිලෝමීටර් 76,000ට වඩා වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වර්තමානයේ කැනඩාවේ ලැව්ගිනි 483ක් පවතින අතර, ඉන් 250ක් පාලනය කිරීමට නොහැකි බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මෙම ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ පුද්ගලයන් 120,000කට වැඩි පිරිසක් සිය නිවෙස් වලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද සිට ආරම්භ වනවා. සුපිරි 6 වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය අද පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමානය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි. සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය හෙට පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි. සුපිරි 6 වටය හෙට ආරම්භ වන නමුත් මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 වටය සදහා රැගෙන…

තව කියවන්​න

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ නැවත කොළඹට පැමිණ තිබෙනවා. කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාලයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන මෙම ගුවන් යානය ඊයේ දින රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව ගොස් තිබුණා. එහෙත් මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බව , තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම නිසා , ගුවන් නියමුවා විසින්…

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මහජනතාවගේ තැන්පතු සහ අර්ථසාධක අරමුදලට මේ තුළින් කිසිදු බලපෑමක් නොවන බවයි නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවෙ වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 989.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලය සදහන් කළේ. එය සියයට 16.6ක ඉහළයාමක් ලෙසයි සැලකෙන්නේ. කෙසේවෙතත් 2022 මැයි මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළද භාණ්ඩ අපනයන 2023 මැයි මාසයේදී සියයට 5.59කින් අඩු වී තිබෙනවා.

තව කියවන්​න