Author: Anura Premakumara
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස නගරයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු ලබා දී භාණ්ඩ මිලදි ගැනිමේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටු 23ක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වනවා. ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් අනුමත කර තිබෙනවා. අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ අයවැය ආධාර සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි ඩොලර් මිලියන 200 අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වෙන් කර ඇති සුබසාධන ආධාර සඳහා වෙන් කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ඇන්ඩෘ පැටි්‍රක් පත් කර තිබෙනවා. මෙතෙක් බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ලෙස සිටි සාරා හුල්ටන් වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සේවා පත්වීමකට මාරු වීමට නියමිත බැවින් ඇන්ඩෲ පැටි්‍රක්ට මෙම තනතුර හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇන්ඩෲ පැටි්‍රක් මහතා ලබන අගෝස්තු මාසයේදී ඔහුගේ පත්වීම භාර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ . ඇන්ඩෘ පැටි්‍රක් 2022 පෙබරවාරි සිට 2023 මැයි දක්වා එක්සත් රාජධානියේ විවිධ භූමිකාවන් නියෝජනය කළේ.
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දී තිබෙනවා . අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි . මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා .
ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට හා විකල්ප වැඩපිළිවෙලක් සදහා සහයෝගය ලබා දීමට මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා හමුවේ එකඟත්වය පළ කර තිබෙනවා. කොළඹ නගරයට පිවිසෙන ජාතික මාර්ගයක් වන බේස්ලයින් මාර්ගයේ අනවසරයෙන් සිදු කර ඇති ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිකිරීම් කඩිනමින් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව සදහන්. ඒ අනුව ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීම සදහා විහාරස්ථානයේ වැඩවාසය කරන නායක ස්වාමින්වහන්සේ ඇතුඵ ගෞරවනීය මහා සංඝරත්නය, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරතව තිබෙනවා. එහිදි අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කිරීමේදී එහි පවතින නීතිමය පසුබිම පිළිබදව…
අස්වැසුම පිළිබදව ජනතාවට වැරදි අවබෝධයක් ලබා දී රජය සිදු කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මේ පිළිබදව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට නිසි විසදුමක් ලබා දෙනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
උස්වැටකෙයියාව සරක්කුව මුහුදු වෙරළට තෙල් සහිත ඝන ද්‍රව්‍යයක් ගොඩගැසීම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සමුද්‍ර පරීක්ෂණ ආධිකාරියේ සමුද්‍ර පරීක්ෂණ නිලධාරි ඉන්දික විජේරත්න මහතා පවසනවා. මේ වන විට අදාළ ඝන ද්‍රව්‍යයේ සාම්පල පරීක්ෂා කිරීම සදහා විද්‍යාගාර වෙත යොමු කර ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිරුරු කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වෙරළාරක්ෂක බලකාය අපේක්ෂා කරන බවයි. උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂය පත්වුණා. අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා ප්‍රංශය, කැනඩාව, බි්‍රතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමි වනවා.
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2 ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222