Author: Anura Premakumara
බි්‍රතාන්‍යයේ සමස්ථ ජනගහනයෙන් සියයට 14 ක් ආහාර හිගකමින් පීඩා විදින බව වාර්තා වනවා. බි්‍රතාන්‍යයේ උද්ධමනය ඉහළ යාමත් සමග එරට දුගී ජනතාව කුසගින්නේ සිටීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. බි්‍රතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව සදහන්. මේ අතර 2022 වසරේ සැප්තැම්බර් වන විට ආහාර හිගකමින් පෙඵනු සමස්ත සංඛ්‍යාව මිලියන 10 කට ආසන්න බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා. ඔහු පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකළහොත් විදේශීය ණය නොලැබෙන බවයි. එමෙන්ම විදේශ ණය සියයට 4 ක මට්ටමකට ගෙන ඒමට සැලසුම් කරන බව ද මහබැංකු අධිපතිවරයා පැවසුවා. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබදව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව අවධාරණය කළා. මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ මහ බැංකු අධිපතිවරයා.
ශ්‍රී ලංකාව තුළ යළි මැලේරියා රෝගය ඇති වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්ධන ඒකකය පවසනවා. විදෙස් රටක සිට පැමිණි රෝගීන් හරහා මෙම රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවයි එම ඒකකය පැවසුවේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළා.
අස්වැසුම සමාජ සුභසාධන වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති අභියාචනා පිළිබද සොයා බැලීමට අදාළ විමර්ශන කමිටු ලබන සතියේ පත් කිරීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කමිටු ස්ථාපිත කිරීමට නියමිත බව රජය පවසනවා. ලබන ජූලි 10 වන දා දක්වා අස්වැසුම වැඩපිළිවෙල සදහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා. මේ අතර ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එම මුදල් ප්‍රමාණය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සදහා යෙදවීමටයි එකඟතාවය පළ වී ඇත්තේ. ඒ අනුව එම මුදල් අස්වැසුම සමාජ සුභසාධන වැඩපිළිවෙල වෙනුවෙන් යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.
මහනුවර නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක් හෙට සිට ක්‍රිියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම හේතුවෙන්. හෙට උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි. එමෙන්ම තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී පෙරවරු 5 සිට දහවල් 12 දක්වා අදාළ මාර්ගය දෙපස රථවාහන නතර කිරීමට අවස්ථාව හිමි නොවන බව ද පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් එම මාර්ගවල වාහන ධාවනය කිරීමට හැකියාව පවතිනවා.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණිය සදහා නව පත්කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුරු සේවයට අයත් දෙවන ශ්‍රේණියේ ගුරුවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට අදාළව 2019 වසරේ පෙබරවාරි මස 13 වන දා අවසන් වරට විභාගයක් පවත්වා තිබුණා. එහි ප්‍රතිඵල මත පදනම්ව පුරප්පාඩු 1918 ක් සදහා නව පත්වීම් සිදු කර තිබුණා. කෙසේ වෙතත් අධ්‍යාපනය අමාත්‍යාංශය එම පුරප්පාඩු පිරවීම සදහා පසුගිය මැයි 8 වන දා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. නව පුරප්පාඩු පිරවීම සදහා යළි තරග විභාගයක් නොපවත්වා 2019 වසරේ…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. එහිදි ඔහු සර්ව ආගමික නායකයින් හමු වී සාකච්ඡා පවත්වා තිබෙන බව සදහන්. උතුරේ ආගමික සංහිදියාව ශක්තිමත් කිරීම සහ උතුරේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා පවත්වා තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී රුපියල් මිලියන 9 ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තොගයක් හමු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී මේ බව අනාවරණය වී තිබෙනවා. එහිදි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරින්ට පැවසුවද එය මෙතෙක් ඉටු වී නොමැති බවයි. ඒ හේතුවෙන් එම සිද්ධිය විමර්ශනය කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බවයි විගණකාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමක තොරතුරු හෙලිව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ මාලදිවයින ආසන්න සාගර කලාපයේ සිට මෙරටට ළගා වෙමින් තිබු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණ වු බවයි. අදාළ බෝට්ටුවේ සිටි ඉරාන ජාතිකයින් හය දෙනෙකු සහ පාකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු පරීක්ෂා කිරිමේදී ඔවුන් සතුව තිබු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.
යුරෝපා කලාපයේ වායුගෝලිය දුෂණය ඉහළගොස් තිබෙනවා. කැනඩාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මෙලෙස වායු දුෂණය ඉහළගොස් ඇත්තේ. කැනඩාවේ ඇතිවු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ටොන් මිලියන 160ක පමණ කාබන් ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වී ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපා වායුගෝලිය නිරීක්ෂණ සේවය නිවේදනය කළේ මේ වසරේ කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය සැලකියයුතු ලෙස වැඩි වී ඇති බවයි
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222