Author: Anura Premakumara
රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදු වූ බවයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මේ සඳහා ප්‍රධානතම හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි නිලධාරියෙක් සඳහන් කළේ නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදමක් දැරීමට ප්‍රතිපාදන නොමැති වීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ්පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන මුදල් ගෙවීමේ එකඟතාව මත…
ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පෙරහැර අද තෙවැනි දිනටත් ආරම්භ කෙරිණා. පසුගිය 28 වැනිදා රුවන්වැලි මහා සෑය අසළින් ආරම්භ කළ ධාතු වැඩම කරවීමේ පාද යාත්‍රාව අද වවුනියාව බූඔය යුධ හමුදා කඳවුර අසළින් ආරම්භ වුණා. ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මය 03 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්යල ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබිණා. භික්ෂූන් වහන්සේලා 50 නමක් ධාතු වැඩම කරවීමේ පෙරහැරේ පාගමනින් වැඩම කළා.
අද දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අද සිට සති අන්තය දක්වා කැළණිය පැරණි දුම්රිය මාර්ගයේ මංතීරුවක සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මේ නිසා මංතීරු දෙකක පමණක් දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළා.
ලංකා සතොස ආයතනය මගින් සහල් වර්ග 3 ක මිල අද සිට අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 ක්. එසේම සුදු නාඩු කිලෝවක් රුපියල් හතකින් සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර, පිළිවෙලින් ඒවායේ නව මිල වන්නේ රුපියල් 168 ක් සහ රුපියල් 135 ක්.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගෙන ජූලි මස 03 වන දින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසා සිටියේ. කෙසේ වෙතත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු සඳහන් කරන්නේ එදිනට ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම උත්සවය හේතුවෙන අද උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළා.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටයේ තරග ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. තරඟාවලියේ පළමු තරගයට පෙර පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියේ දී යි චමීර දකුණු උරහිසෙහි ආබාධයකට ලක්වුණේ. ඒ හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. ඔහු එම ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින බැවින් ඉදිරියේදී යළි ශ්‍රී ලංකාව බලා ගෙන්වා ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. චමීර වෙනුවට සංචිතය සඳහා ඩිල්ෂාන් මධුශංක ආදේශ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
අද දිනයේ සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං මගින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉලිලා සිටිනවා.
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපත් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. මේ වන විට රුපියල් 20 කට අලෙවි වන ලොතරැයියක නව මිල රුපියල් 40 ක් දක්වා ඉහළ යනු ඇති. මෙම මිල වැඩි කිරීම ජූලි 6 වන දා සිට ක්‍රියාත්මක බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරංගල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන් රට හැරයන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසුවේ ඉදිරි වසර 2 සදහා ඇස්තමේන්තු කළ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් දැනට රට තුළ සිටින්නේ සියයට 50 ක ප්‍රමාණයක් බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව අවධාරණය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222