Author: Anura Premakumara
රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා. උදරයේ ඇති වූ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට සඳහා අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි එක් දරු මවක්. රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි.පොලොන්වල නියමනය කර ඇත්තේ කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් විම නිසා එයට ප්‍රථිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
එළවළු වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරනවා. පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරුණා. එළවළු වෙළෙඳ පොළට සැපයෙන අමු මිරිස් තොග ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිනවා. කෙසේ නමුත්, ඉදිරි දිනවලදී අමු මිරිස් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද එළවළු වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී . ඇය 44 හැවිරිදි කොළඹ , බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මෙම මුදල් සහ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළග තබා ගෙන සිට ඇති අතර ඇය විසින් පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
කොළඹ අලුත්කඩේ ප්‍රධාන පෙළේ අධිකරණයක නඩු බඩු කාමරයක තිබූ බවට සැක කරන මත්ද්‍රව්‍ය අස්ථාන ගතවීමත්, එම මත්ද්‍රව්‍ය බහාලූ මුද්‍රා සහිත කවරය එහි සේවය කරන පිස්කල් නිලධාරියෙකු සන්තකයේ තිබී සොයා ගැනීමත් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, එම අධිකරණයේ රාජකාරි කරන පිස්කල් නිලධාරීන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇත්තේ, එම අධිකරණයේ නඩු බඩු කාමරය භාරව සිටි තැනැත්තිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. එම පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, නඩු බඩු කාමරයේ ඇති මත්ද්‍රව්‍ය බහාලූ හිස් පාර්සලයක් එහි සේවය කරන පිස්කල්වරයෙකුගේ බෑගයක තිබෙණු දැක ඇති බවයි. පසුව ඒ සම්බන්ධයෙන්…
අධික උෂ්ණත්වය හේතුවෙන් මෙක්සිකෝවේ 100 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. ගතවූ සතියේ එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව සඳහන්. බොහෝ පිරිසක් මියගොස් ඇත්තේ තාප ආඝාතය හේතුවෙන් මොළය, හදවත, වකුගඩු සහ මාංශපේෂීවලට සිදුවූ හානි හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම විජලනය හේතුවෙන්ද මරණ වාර්තාවී තිබෙනවා.
අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මේ වන විට පාලනය කර ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අධික ලෙස උද්ධමනය ඉහළ යාම සිදු වූයේ ද අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ. මහබැංකු අධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබදව ජනාධිපති මාධ්‍ය අංශය සිදු කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. මේ, එම අවස්ථාවට එක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබදව දැක්වූ අදහස්.
පවතින අර්බුදකාරි තත්ත්වය තුළ ජනතාවට ලබා දිය හැකි හොදම විසදුම රජය විසින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රට තුළ පැවති අවිනිශ්චිතතාවය මේ වන විට ඉවත් කර ගැනීමට හැකි වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සදහා සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ ඇති වැඩකරන ජනතාවගේ මුදල් භාවිත කිරීම අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ඒ තුළින් වැඩකරන ජනතාවට හානියක් සිදුවන්නේ නම් එයට සමගි ජනබලවේගය පක්ෂය විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.…
යාපනය සිට කොළඹ බලා ධාවනය ආරම්භ කර තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අලුයම ගිනිගෙන විනාශ වී තිබෙනවා. මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදීම මෙලෙස බස් රථය ගිනිගෙන විනාශ වීනාශ වී ඇත. බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව සඳහන්. ගින්න පිළිබඳව සැලවීමත් සමඟ පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කිරීමට සමත්වුවද ඒ වනවිටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙනවා. ගිනි ගැනීමට ලක්වූ බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති. හෙට රැස්වන පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ගත යුතු වෙනවා. ඊයේ පස්වරුවේ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද යෝජනාවට පාර්ලිමේන්තුවේදී විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර…
මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ඇතුලු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් අද දහවල් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි. පසුගියදා මේ සම්බන්ධයෙන් මහජන උපදේශනයක්ද පැවැත්වුණා. එහිදී ඉදිරිපත් වූ යෝජනාද ගාස්තු සංශෝධනයේ දී සැළකිල්ලට ගනු ඇති. විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට සියයට 3 කින් පහත දැමීමට යෝජනා කළ අතර, ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු පහත දැමිය හැකි බව අදාළ මහජන උපදේශනයේදී තහවුරු වුණා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222